Entertainment11 June 2026

දෙමළ සිනමාවේ සුපිරි හාස්‍යෝත්පාදක නළු යෝගී බාබු නවතම චිත්‍රපටයක රූගත කිරීම් සඳහා ලංකාවට පැමිණෙයි!

කොලිවුඩ් හෙවත් ඉන්දීය දෙමළ සිනමාවේ සුවිශේෂී ජනප්‍රියත්වයක් උසුලන සුපිරි හාස්‍යෝත්පාදක නළුවෙකු වන යෝගී බාබු සිය නවතම චිත්‍රපටයේ රූගත කිරීම් කටයුතු වෙනුවෙන් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටින බව සිනමා ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

දෙමළ සිනමාවේ බ්ලොක්බස්ටර් සිනමාපට රැසක ප්‍රධාන මෙන්ම කැපී පෙනෙන හාස්‍යෝත්පාදක චරිත නිරූපණය කරමින් ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් මෙම දක්ෂ රංගන ශිල්පියා, ලංකාව තුළ ආරම්භ කර ඇති නවතම සිනමා නිෂ්පාදනයේ රූගත කිරීම් ඉලක්ක කරගනිමින් මෙලෙස දිවයිනට පැමිණ තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes