ලෝක ප්‍රකට පොප් ගීත රජු මයිකල් ජැක්සන්ගේ ජීවිත කතාව අදාල කරගනිමින් මෑතකදී තිරගත වූ "මයිකල්" (Michael) චිත්‍රපටය, ලොව මෙතෙක් වැඩිම ආදායමක් ඉපැයූ ජීවනකථා චිත්‍රපටය (Highest-grossing biopic) බවට පත්වෙමින් නව ලෝක වාර්තාවක් තබා තිබෙනවා.
ඒ අනුව, මේ වන විට ගෝලීය සිනමා ශාලාවලින් ඇමරිකානු ඩොලර් මිලියන 977ක (පවුම් මිලියන 739ක) දැවැන්ත ආදායමක් උපයා ගැනීමට මෙම චිත්‍රපටය සමත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඒ අනුව, මීට පෙර එම වාර්තාවට හිමිකම් කියූ ක්‍රිස්ටෝපර් නෝලන්ගේ "ඕපන්හයිමර්" (Oppenheimer - 2023) චිත්‍රපටය පසුකර යාමට "මයිකල්" සමත්ව තිබෙනවා.
මීට පෙර ක්වීන් (Queen) සංගීත කණ්ඩායම සම්බන්ධයෙන් නිර්මාණය කළ "බොහීමියන් රැප්සඩි" (Bohemian Rhapsody - 2018) චිත්‍රපටය අභිබවා යමින් වැඩිම ආදායම් ලැබූ 'සංගීතමය ජීවනකථා චිත්‍රපටය' බවට මෙය පත්ව තිබුණ ද, දැන් එය ඕනෑම සැබෑ චරිතයක් අනුසාරයෙන් නිපදවූ චිත්‍රපට අතුරින් පෙරමුණ ගැනීමටද සමත්ව තිබෙනවා.
ඇන්ටොයින් ෆුක්වා (Antoine Fuqua) විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම සිනමා පටය මඟින් මයිකල් ජැක්සන් ‘ජැක්සන් 5’ කණ්ඩායමේ ළමා තරුවකගේ සිට ලෝකයේ 'King of Pop' දක්වා පැමිණි ගමන නිරූපණය කෙරෙනවා.
මෙහි මයිකල් ජැක්සන්ගේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ ඔහුගේම සැබෑ බෑණනුවන් වන ජාෆර් ජැක්සන් (Jaafar Jackson) විසින්.
මෙම චිත්‍රපටය ලයන්ස්ගේට් ස්ටුඩියෝස් හි ඉතිහාසයේ වඩාත්ම සාර්ථකම චිත්‍රපටය බවටද පත්ව ඇත්තේ 2013 වසරේ තිරගත වූ 'The Hunger Games: Catching Fire' චිත්‍රපටය ද පසුපසට ඇද දමමින්.
අමෙරිකානු මාධ්‍ය වාර්තා කරන්නේ, ලයන්ස්ගේට් සමාගම මයිකල් ජැක්සන්ගේ ජීවිතය ගැන තවත් අවම වශයෙන් එක් චිත්රපටයක්වත් ඉදිරියේදී නිකුත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.

Latest News
ලොව වැඩිම ආදායම් ලැබූ ජීවනකථා චිත්‍රපටය බවට 'මයිකල්' පත්වෙයි : 'ඕපන්හයිමර්' පසුකර යයි
Local
30 June 2026
ඉදිරි දිනවලදී අමෙරිකාව සමඟ කිසිදු සාකච්ඡාවක් සැලසුම් කර නැහැ - ඉරානය පවසයි
Local
29 June 2026
ඉන්ධන මිල සංශෝධනය වෙයි
Local
29 June 2026
කටාර් රාජ්‍යයෙන් මුහුදු ගමන් සහ සමුද්‍රීය කටයුතුවලට තාවකාලික තහනමක්
Local
29 June 2026
ඓතිහාසික තිස්සමහාරාම පුදබිමේ දී 'හිරු ශ්‍රද්ධාභිවන්දනා' අවසන් වූ වගයි.. හිරු ශාසනාවතරණයෙන් කුල දරුවන් 15 දෙනෙකු සඟ සසුනට පූජා කෙරේ
Local
29 June 2026
ගල්කිස්සේදී දියවැළකට හසු වී මුහුදට ගසාගෙන ගිය තරුණයන් 05 දෙනෙක් පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් බේරාගනී
Local
29 June 2026
මත්පැන් වැටලීමට ගිය පොලිසියට බල්ලන් 8ක් මුදාහැර සපා කෑමට සලස්වලා : ස්ථානාධිපති ඇතුළු 4කට තුවාල
Local
29 June 2026
දේශීය ආදායම් බදු නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ලක්ෂ ගණන් වංචා කළ අයෙක් කොටු
Local
29 June 2026
ජර්මනියේ වෙඩි තැබීමකින් 5ක් මරුට: සැකකරු අත්අඩංගුවට
Local
29 June 2026
දඹුල්ල - කුරුණෑගල පාරේ ත්‍රීරෝද රථයක් පෙරළී තරුණයෙක් මරුට
Local
29 June 2026