Entertainment26 July 2026

මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම නළුවා සම්මානය මහේන්ද්‍ර පෙරේරාට

මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී (Malaysian Inteational Film Festival) හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට ප්‍රවීන රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා සමත්ව තිබෙනවා.

ඒ ඔහු රංගනයෙන් දායක වූ "රිවර්ස්ටන්" චිත්‍රපටයේ විශිෂ්ට රංගන ප්‍රතිභාව වෙනුවෙන්.

ලොව පුරා විවිධ රටවල දක්ෂ නළුවන් රැසක් මේ සඳහා නිර්දේශ වූ පසුබිමකයි රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා මෙම සම්මානය දිනා ගත්තේ.

සම්මානය සඳහා නිර්දේශ වී සිටි අනෙකුත් ශිල්පීන් අතර යුරායි ලෝයි (බ්‍රෝකන් වොයිසස් චිත්‍රපටය) චන්ග් චෙන් (ලකි ලූ චිත්‍රපටය) රන්දික ගුණතිලක (රිවර්ස්ටන් චිත්‍රපටය) නිකලාස් සරාතේ (ද රෙඩ් හැන්ගර් චිත්‍රපටය) ඇතුළත්.

මේ අනුව මහේන්ද්‍ර පෙරේරා ජාත්‍යන්තරය තුළ මෙලෙස සම්මානයට පාත්‍ර වූ දෙවැනි අවස්ථාව මෙය වනවා.

මීට පෙර සිංගප්පූරූ අන්තර්ජාතික සිනමා උළෙලේදී ද හොඳම රංගනයට හිමි සම්මානයෙන් ඔහු පිදුම් ලැබුවා.

මීට අමතරව 'රිවර්ස්ටන්' චිත්‍රපටයට දායක වූ ප්‍රියන්ත සිරිකුමාර මෙහිදී හොඳම සහාය නළුවාට හිමි සම්මානය දිනා ගැනීමත් කැපී පෙනෙන විශේෂත්වයක්.
Related recommendation
Hiru TV News | Programmes