Entertainment17 August 2026

ෂාරුක් ඛාන් ඇතුලු බොලිවුඩ් සුපිරි නළුවන් තිදෙනක්ට වෙළඳ දැන්වීම්වලින් ඉවත් වන ලෙස නියෝගයක්!

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය විසින් ක්‍රියාත්මක කරනු ලබන දැඩි ආහාර ආරක්ෂණ වැඩසටහනක් යටතේ, ෂාරුක් ඛාන් ඇතුළු ප්‍රමුඛ පෙළේ බොලිවුඩ් නළුවන් තිදෙනෙකුට ආදේශක වෙළඳ දැන්වීම්වල පෙනී සිටීමෙන් වළකින ලෙස දන්වා නිල වශයෙන් අවවාද කර තිබෙනවා.

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ආහාර හා ඖෂධ පරිපාලනය විසින් නිකුත් කරන ලද මෙම නිවේදනයට අනුව, ෂාරුක් ඛාන්, අජේ දේව්ගන් සහ ටයිගර් ෂෙරෝෆ් යන නළුවන් විසින් ප්‍රවර්ධනය කරන ලද කරදමුංගු වෙළඳ දැන්වීමක් සහ තහනම් කරන ලද බුලත් විට මිශ්‍රණයක් සමඟ දැඩි ලෙස සම්බන්ධ වී ඇති බව පෙන්වා දී තිබෙනවා.

මෙම නිෂ්පාදනවල සන්නාම අනන්‍යතාවය සහ නම් භාවිතය හරහා තහනම් නිෂ්පාදන පාරිභෝගික මතකයේ රඳවා ගැනීමට හෝ පවත්වා ගැනීමට කටයුතු කරන බවයි ප්‍රාන්ත බලධාරීන් පෙන්වා දී ඇත්තේ.

ඒ අනුව, අදාළ වෙළඳ දැන්වීම් සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඉවත් කරන ලෙසත්, තවදුරටත් එවැනි විකාශන සඳහා සහයෝගය නොදක්වන ලෙසත් අදාළ නළුවන්ට දැනුම් දී ඇති අතර, දින 15ක් ඇතුළත මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන ලෙසද නියෝග කර තිබෙනවා. සෞඛ්‍යාරක්ෂිත ප්‍රමිතීන් තදින් ක්‍රියාත්මක කිරීමේ අරමුණ ඇතිවයි මහාරාෂ්ට්‍ර රජය මෙම පියවර ගෙන ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes