
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු කොටස ටියර් ‘ඒ’ අන්තර් පාසල් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සමත්වී තිබෙනවා.
මේ දක්වා අපරාජිතව පසුවූ පසුගිය වර ශූර කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය ලකුණු 71කින් පරදවමින් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.
කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් ටෙනූෂ නිම්සර තුන් ඉරියව් දස්කම් දැක්වූවා. ටෙනූෂ නිම්සර පිත්තෙන් දස්කම් දක්වමින් පන්දු 64කදී හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 53ක් රැස් කළ අතර, පන්දුවෙන් ද දස්කම් දක්වමින් ලකුණු 10කට කඩුලු 2ක් දවාලූවා.
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ලකුණු 71ක ජයක්.
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය: 179 (පන්දුවාර 45.2) ටෙනුෂ නිම්සර 53, බෙවින් ජයවර්ධන 30, රවිනු රන්දිනු 27, මිනග ආරියදාස 21, විශ්ව පීරිස් 16/3
කොළඹ ශාන්ත ජෝශ්ප් විද්‍යාලය: 108 (පන්දුවාර 27.5) දිල්ප රුවන්දක 27, තෙනුර ඩයස් 42/3, ටෙනූෂ නිම්සර 10/2, මිනග ආරියදාස 16/2
Latest News
සාමයේ පණිවිඩය අරන් ට්‍රම්ප් ගාසාවට

පස්වරු 1.00න් පසු ගිගුරුම් සහිත වැසි

ගාසා සටන් විරාම සැලැස්මේ පළමු අදියරට ඊශ්‍රායලය සහ හමාස් අත්සන් තබයි - ට්‍රම්ප්

හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාව නැවත ඉල්ලා හිමිනමක් උපවාසයක

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

විදුලි ගාස්තු ගැන තීරණය 14 වෙනිදා

අවුරුදු 19න් පහළ දෙවැනි කොටස ටියර් ‘ඒ’ අන්තර් පාසල් එක්දින ක්‍රිකට්: පන්නිපිටිය ධර්මපාල අවසන් පූර්ව වටයට

වයස 19න් පහළ පළමු කොටස ටියර් ‘ඒ’ අන්තර් පාසල් එක්දින ක්‍රිකට්: ගාල්ල රිච්මන්ඩ් අවසන් පූර්ව වටයට

මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12ක් සමග කඩවතදී අයෙක් කොටුවෙයි

පොලිස් මාරු ගැනත් හෙට හදිසි විවාදයක්
