Sports15 June 2026

ශ්‍රී ලංකාවෙන් කොදෙව්වන්ට ලකුණු 170ක ඉලක්කයක්

බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකාව අතර අද (15) පැවැත්වෙන තුන්වන 20/20 තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 170 ඉලක්කයක් හිමිවුණා.

කාසියේ වාසියේ දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

ඒ අනුව පන්දුවට පහර දීමට පළමුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු සියල්ලම දැවී ලකුණු 169ක් රැස්කර ගැනීමට සමත් වුණා.

දුනිත් වෙල්ලාලගේ පන්දු 28ක් තුළ ලකුණු 43ක් රැස්කර ගැනීමට සමත් වුණා.

පැතුම් නිස්සංක පන්දු 17ක් තුළ ලකුණු 26ක් රැස්කර ගැනීමට සමත් වුණා.

එයට 06 පහර දෙකක් සහ 04 පහර දෙකක් ඇතුළත්.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් Shamar Joseph කඩුලු 05ක් දවා ගැනීමට සමත් වීම විශේෂත්වයක්.

එමෙන්ම Akeal Hosein, Matthew Forde,Jason Holder සහ Roston Chase කඩුලු 01 බැගින් දවා ගැනීමට සමත් වුණා


Related Recomands
Hiru TV News | Programmes