Sports17 June 2026

ඇල්ජීරියාව පරදා අර්ජෙන්ටිනා පිලට ගෝල 3-0ක විශිෂ්ට ජයක් : මෙසීගෙන් ඓතිහාසික ගෝල ත්‍රිත්වයක්!

පාපන්දු කුසලාන තරගාවලියේ 'J' කාණ්ඩය යටතේ අද (17) පැවති මූලික වටයේ තවත් උණුසුම් තරගයකින් ඇල්ජීරියා කණ්ඩායම ගෝල 3-0ක් ලෙස පරාජයට පත් කරමින් කැපී පෙනෙන ජයක් වාර්තා කිරීමට අර්ජෙන්ටිනා කණ්ඩායම සමත් වුණා.

තරගයේ ආරම්භයේ සිටම දක්ෂ ක්රීඩා විලාශයක් පෙන්නුම් කළ අර්ජෙන්ටිනා පිලේ සුපිරි ක්රීඩක Lionel Messi තරගයේ 17 වැනි, 60 වැනි සහ 76 වැනි විනාඩිවලදී ගෝල 3ක් වාර්තා කරමින් කණ්ඩායමට ශක්තිමත් ආරම්භයක් ලබා දුන්නා.

ඒ අනුව, මෙවර තරගාවලියේ එක් තරගයකදී මෙතෙක් ගෝල 3ක් වාර්තා කළ පළමු ක්රීඩකයා බවට ද Lionel Messi පත්වුණා.

මීළඟ තරගය අද උදෑසන 9.30ට ඔස්ට්රියාව සහ ජෝර්දානය අතර පැවැත්වීමට නියමිතයි.
Related Recomands
Hiru TV News | Programmes