Sports16 June 2026

නවසීලන්තය පරාජය කරමින් ශ්‍රී ලංකා කාන්තා පිලට ජය

කාන්තා පන්දුවාර 20 ලෝක කුසලානයේ අද 7 වැනි තරගය ලෙසින් අද (16) පැවති ශ්‍රී ලංකා - නවසීලන්ත කණ්ඩායම් අතර තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

ඒ නවසීලන්තය කඩුළු 05කින් පරාජයට පත් කරමින්.

අද තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කාන්තා පිල නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 06ක් දැවී ලකුණු 150ක් රැස් කළා.

එහිදී නායිකා මෙලී කර් ලකුණු 45ක්ද, සොෆී ඩිවයින් ලකුණු 45ක්ද රැස් කිරීමට සමත් වූ අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන්, කවිෂා දිල්හාරි කඩුළු 02ක්ද, මිතාලි අයෝධ්‍යා, කාව්‍යා කාවින්දි, සුගන්ධිකා කුමාරි, චමරි අතපත්තු සහ නිමාෂා මීපගේ එක් කඩුල්ල බැගින් දවාගත්තා.

අනතුරුව ලකුණු 151ක් ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 19.4ක් අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 153ක් රැස් කරගනිමින් තරගයේ ජය හිමිකරගත්තා.

එහිදී, නිලක්ෂිකා සිල්වා නොදැවී ලකුණු 54*ක්ද, නායිකා චමරි අතපත්තු ලකුණු 27ක්ද රැස් කළා.

පන්දු යැවීමේදී නවසීලන්තය වෙනුවෙන්, නෙන්සි පටෙල් කඩුළු 02ක්ද, බ්‍රී ඉලිං එක් කඩුල්ලක්ද දවාගත්තා.
Related Recomands
Hiru TV News | Programmes