Sports20 June 2026

සහිරා පිල පරදා ත්‍රිත්ව විද්‍යාලයට ලකුණු 37-32ක සුපිරි ජයක්

2026 ඩයලොග් පාසල් රග්බි ලීග් තරගාවලියේ ප්‍රධානතම කුසලාන වටයේ (Cup Segment) පැවැති තවත් ලීග් ශූරතාව තීරණය කෙරෙන තීරණාත්මක තරගයකින් කොළඹ සහිරා විද්‍යාලය ලකුණු 37-32ක් ලෙස පරාජය කරමින් සුවිශේෂී ජයක් වාර්තා කිරීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමත් වුණා.

කොළඹ මරදාන සහිරා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැති තරගය මුල සිට අග දක්වාම අතිශය උණුසුම් මුහුණුවරක් ගත්තා.

කණ්ඩායම් දෙකම ලකුණු රැස් කිරීම සඳහා කරට කර සටනක නිරත වුණා.

අවසන් භාගයේදී ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩකයෝ ලකුණු 5ක තියුණු පරතරයකින් තරගයේ ජය තමන් සතු කර ගත්තා.
Related Recomands
Hiru TV News | Programmes