Sports25 June 2026

කැනඩාව පරදා ස්විට්සලන්තයට ජය

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් ලෙස අද (25) පැවැති ස්විට්සලන්තය සහ කැනඩාව අතර තරගය ජය ගැනීමට ස්විට්සලන්තය සමත් වුණා.

ඒ ගෝල 2 - 1 ක් වශයෙන්.

ස්විට්සලන්තය වෙනුවෙන් Rubén Vargas 46 වැනි මිනිත්තුවේදී පළමු ගෝලය වාර්තා කිරීමට සමත් වුණා.

එම පිළට දෙවැනි ගෝලය වාර්තා කළේ Johan Manzambi 57 වැනි මිනිත්තුවේදීයි.

මේ අතර කැනඩාව වෙනුවෙන් පළමු ගෝලය Promise David විසින් වාර්තා කිරීමට සමත් වුණේ 76 වැනි මිනිත්තුවේදීයි.

අනතුරුව මොරොක්කෝව සහ හයිටිය අතර තරගය මෙන්ම බ්‍රසීලය සහ ස්කොට්ලන්තය අතර තරගයත අළුයම 3:30ට ආරම්භ වීමට නියමිතයි.

ඒ පිළිවෙලින් අට්ලන්ටාහි අට්ලන්ටා ක්‍රීඩාංගණයේදී සහ මියාමි ගර්ඩන්හි මියාමි ක්‍රීඩාංගණයේදීයි.
Related Recomands
Hiru TV News | Programmes