Sports25 June 2026

කටාර් පරදා බොස්නියාවට ජය

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් ලෙස අද (25) පැවැති බොස්නියාව සහ කටාර් අතර තරගය ජය ගැනීමට බොස්නියාව සමත් වුණා.

ඒ ගෝල 3 - 1 ක් වශයෙන්.

බොස්නියාව වෙනුවෙන් Kerim Alajbegović 29 වැනි මිනිත්තුවේදී පළමු ගෝලය වාර්තා කිරීමට සමත් වුණා.

ඉන් අනතුරුව තරගයේ 34 වැනි මිනිත්තුවේදී Sultan Al-Brake අතින් Own Goal වාර්තා වීම ද විශේෂත්වයක්.

Ermin Mahmić විසින් 80 වැනි මිනිත්තුවේදී තවත් ගෝලයක් වාර්තා කළා.

මේ අතර කටාර් කණ්ඩායම වෙනුවෙන් Hassan Al-Haydos 42 වැනි මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කළා.

අනතුරුව මොරොක්කෝව සහ හයිටිය අතර තරගය මෙන්ම බ්‍රසීලය සහ ස්කොට්ලන්තය අතර තරගය අළුයම 3:30ට ආරම්භ වීමට නියමිතයි.

ඒ පිළිවෙලින් අට්ලන්ටාහි අට්ලන්ටා ක්‍රීඩාංගණයේදී සහ මියාමි ගර්ඩන්හි මියාමි ක්‍රීඩාංගණයේදීයි.
Related Recomands
Hiru TV News | Programmes