Sports06 August 2026

55 වැනි හිරු ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් දිනය අදයි

ක්‍රීඩාවෙන් ලොව දිනන්න වෙර දරන දක්ෂයින් වෙනුවෙන් දොරටු විවර කරන 55 වැනි හිරු ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලියේ කොළඹ සහ කළුතර දිස්ත්‍රික් තරගාවලියේ තුන්වන සහ අවසන් දිනය අදයි.

හිරු මාධ්‍ය ජාලයේ පූර්ණ අනුග්‍රාහකත්වය යටතේ පැවැත්වෙන මෙවර ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය සහ අධීක්ෂණය යටතේ සංවිධාන කරනු ලබන්නේ ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයයි.

වයස් කාණ්ඩ 04ක් යටතේ තරග ඉසව් ක්‍රියාත්මකයි.

ඒ සඳහා පාසැල් 236ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3500කට අධික සංඛ්‍යාවක් එක්ව සිටිනවා.
Related Recomands
Hiru TV News | Programmes