Sports13 August 2026

ලොව සාර්ථකම වමත් පන්දු යවන්නා ලෙස මිචෙල් ස්ටාර්ක් ඉතිහාසගත වෙයි : රංගන හේරත්ගේ වාර්තාව බිඳවැටෙයි

ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සාර්ථකම වමත් පන්දු යවන්නා බවට පත්වෙමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ඔස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් (Mitchell Starc) සමත්වී තිබෙනවා.

ඩාර්වින් හිදී බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගයේදී බංග්ලාදේශ ආරම්භක පිතිකරු ශඩ්මන් ඉස්ලාම් (Shadman Islam) දවා ගනිමින් ස්ටාර්ක් සිය 434 වන ටෙස්ට් කඩඉම පසු කළා.

ඒ අනුව, මෙතෙක් ශ්‍රී ලංකාවේ ප්‍රවීණ දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් තබා තිබූ ටෙස්ට් විකට් 433 යේ වාර්තාව තමන් සතු කර ගැනීමට ස්ටාර්ක්ට හැකි වූ අතර, රංගන හේරත් 1999 සිට 2018 දක්වා කාලය තුළ ටෙස්ට් තරග 93 කදී විකට් 433 ක් ලබාගෙන මින්පෙර පළමු ස්ථානයේ පසුවුණා.

එමෙන්ම, අද (13) තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම සියලු දෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 198 ක් වූ අතර, මෙය ටෙස්ට් ඉතිහාසයේ බංග්ලාදේශයට එරෙහිව ඔස්ට්‍රේලියාව ලැබූ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොතට එක්වුණා.
Related Recomands
Hiru TV News | Programmes