Sports18 August 2026

ශ්‍රී ලංකාවට ලකුණු 372ක ඉලක්කයක්

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් තරගයේ 4 වැනි දිනය වන අද (18) ඉන්දීය දෙවැනි ඉනිම ලකුණු 193කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වුණා.

ඒ අනුව තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 372ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඉන්දීය දෙවැනි ඉනිමේදී රිෂාබ් පන්ට් ලකුණු 66ක් ලබාගත් අතර, දෙව්දත් පඩික්කාල් ලකුණු 44ක්ද, කේ. එල්. රාහුල් ලකුණු 35ක්ද රැස්කළා.

පන්දු යැවීමේදී දක්ෂ ලෙස පන්දු යැවූ අසිත ප්‍රනාන්දු ලකුණු 31කට කඩුලු 4ක් දවාගත් අතර, ප්‍රභාත් ජයසූරිය කඩුලු 3ක් සහ ලහිරු කුමාර කඩුලු 2ක් බැගින් බිඳහෙලුවා.
Related Recomands
Hiru TV News | Programmes