Sports20 August 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ඔක්තෝම්බරයේ පාකිස්ථාන සංචාරයක

විස්සයි විස්ස, එක්දින සහ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් සදහා ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන ඔක්තෝබර් මාසයේ පාකිස්තානයේ සංචාරය කිරිමට නියමිත බව පාකිස්ථාන ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

තරග 3 කින් යුත් ශ්‍රි ලංකා පාකිස්ථාන විස්සයි විස්ස තරගාවලිය ඔක්තෝබර් 9,11 සහ 13 දිනවල රාවල්පින්ඩ් ක්‍රිඩාංගණයේදි පැවැත්වීමට නියමිතයි.

අනතුරුව ශ්‍රී ලංකාව පාකිස්ථානය සහ එංගලන්තය ක්‍රිඩා කරන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියක් ඔක්තෝබර් 18 වැනිදා සිට ආරම්භ වනවා.

එම තරග රාවල්පින්ඩ් සහ ලාහෝර් ක්‍රිඩාංගණවල පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

අනතුරුව නොවැම්බර් 9 සිට තරග 2 කින් යුත් ශ්‍රී ලංකා, පාකිස්ථාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වන අතර එය අවසන් වන්නේ නොවැම්බර් 21 වැනිදායි.
Related Recomands
Hiru TV News | Programmes