ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළව ඊයේ දිනයේදී තරඟ දෙකක් නිමාවට පත්වුණා. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර පැවති තරඟයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලකුණු 14 කින් ජයග්‍රහණය කළා. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලකුණු 166 ක් රැස් කරගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩයමට ලබාගත හැකිවූයේ නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 157 ක් පමණයි. තරඟාවලියට අදාළව ඊළඟ තරඟය පැවැත්වුණේ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සහ පූනේ වොරියර්ස් කණ්ඩායම අතරයි. එම තරඟයෙන් ජයග්‍රහණය කළේ පූනේ වොරියර්ස් කණ්ඩායමයි. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පූනේ වොරියර්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 4 ක් දැවී ලකුණු 170 ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමට නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 163 ක් පමණයි.
Latest News
ගෝලීය අර්බුද හමුවේත් ඉන්දියාව පෙරට: 7.7%ක ආර්ථික වර්ධනයක් සමඟ ලොව වේගවත්ම ප්‍රධාන ආර්ථිකය ලෙස ස්ථාවර වෙයි
බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර පහත් බිම්වලට සුළු ගංවතුර අවදානමක්
ඉස්ලාමාබාද් සාම සංදේශය ඉරිදා අත්සන් නොකරන බව ඉරානය කියයි
පාසල් රග්බි: ඉසිපතනය පරදා සාන්ත පීතර විද්‍යාලයට ජයක්
පාසල් රග්බි: ශ්‍රී සුමංගල විද්‍යාලය පරදා තර්ස්ටන් විද්‍යාලයට විශිෂ්ට ජයක්
පාසල් රග්බි: සාන්ත තෝමස් විද්‍යාලය පරදා ආනන්ද විද්‍යාලයට විශිෂ්ට ජයක්
පාසල් රග්බි: රාජකීය විද්‍යාලය පරදවා ත්‍රිත්ව විද්‍යාලයට දැවැන්ත ජයක්
රට හදන්න අපිට ශක්තිය තියෙනවා.. බලය දුන්නොත් කරලා පෙන්වන්නම් - හිටපු ජනපති මහින්ද
"නීතිය හදලා දුන්නොත් පළාත් සභා ඡන්දෙ පවත්වනවා" - ඇමති නලින්ද
අමෙරිකා - ඉරාන සාම ගිවිසුම ඉදිරි පැය 24 තුළ අවසන් අදියරට - පාකිස්ථාන අගමැතිගෙන් හෙළිදරව්වක්