ඉන්දියාව සමග බ්‍රහස්පතින්දා පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන අවසන් පූර්ව තරඟය දැඩි තරඟකාරී බවකින් යුත් අභියෝගයක් වනු ඇතැයි ශ්‍රී ලංකා පිලේ හිටපු නායක මහේල ජයවර්ධන පවසනවා. අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලැබීම සඳහා ඕස්ට්‍රේලියාව පැරදවීමේදී මහේලගෙන් ඒ සඳහා ලැබුණේ විශාල දායකත්වයක්. එහිදී නොදැවී ලකුණු 84ක් රැස් කළ මහේල තරඟයේ වීරයා ලෙසද නම් කෙරුණා. මහේල ජයවර්ධන සිය එක්දින ලකුණු 11 000 සම්පූර්ණ කිරීමද මෙහිදී සිදුවීම විශේෂත්වයක්. කෙසේ නමුත් මහේල කියා සිටියේ එම කඩඉම පසුකිරීමේ සතුට කණ්ඩායම් ජයග්රහණයෙන් සංතෘප්ත වූ බවයි. නව නායක ඇන්ජලෝ මැතිව්ස්ට සහය වීම ජ්‍යෙෂ්ඨ ක්‍රිඩකයන්ගේ වගකීමක්. ශ්‍රී ලංකා පිල කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කිරීමද එයට හේතුවී තිබෙනවා. දැඩි උත්සාහයකින් යුතුව නිරතවන ක්‍රිකට් ක්‍රීඩාවෙන් වින්දනයක් ලැබීමද අපේ අරමුණක්. එය ශ්රිී ලංකා පිලේ සාර්ථකත්වයේ මන්ත්‍රය බවත් මහේල සඳහන් කළා.
Latest News
දේශීය ආදායම් (සංශෝධන) පනතින් හිඟ බදු පොලී මුළුමනින්ම කපා හැරීමටත් පියවර: ප්‍රධානතම සංශෝධන සහ බදු නීති වෙනස්කම් මෙන්න!
ඉරානයෙන් බහරේනයේ අමෙරිකානු නාවික හමුදා පස්වන බලඇණියට ප්‍රහාරයක්
නෙදර්ලන්තය පරදා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 7ක විශිෂ්ට ජයක්
දුම්රිය නියාමක වර්ජනය අත්හිටුවයි
හෙලිකොප්ටරයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර
සිව් වසරකට පසු 44 හැවිරිදි සෙරීනා විලියම්ස් යළිත් ටෙනිස් පිටියට: පළමු තරගයෙන්ම සුපිරි ජයක්!
ප්‍රදේශ රැසකට අදත් තද වැසි
අමෙරිකානු හෙලිකොප්ටරය බිම දැමූවේ ඉරානය බවට ට්‍රම්ප්ගෙන් චෝදනා: දැඩි ප්‍රතිචාර දක්වන බවට සපථ කරයි
බ්ලින්කෝවා පරදා රාඩුකානු යළිත් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වෙයි!
වන අලි ප්‍රහාරයකින් දෙදෙනෙක් මරුට