Sports20 October 2013

UPDATE:පොදුරද මඩුලූ ගිනිසිළුව මාලදිවයිනට යයි.


ශ්‍රී ලංකාවේ සංචාරය කළ 20 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේ ගිනි සිළුව අද (21) මාලදිවයිනට රැගෙන යාමට නියමිතයි. ඊයේ (20) දිනයේදී මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව වෙත ගෙන ගියා. කොළඹ කොටුවේ සිට විශේෂ දුම්රියකිනුයි ගිනි සිළුව මහනුවර නගරයට රැගෙන යනු ලැබුවේ. එහිදී වේයන්ගොඩ, රඹුක්කන, පොල්ගහවෙල යන දුම්රිය ස්ථානවලදී විශේෂ පිළිගැනීමක්ද සිදුකර තිබෙනවා.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 21 සඳුදා- පෙරවරු 01:45

---------------------------------------------------------------------------

පොදුරාජ්‍ය මණ්ඩලීය ගිනි සිළුව දළදා මාලිඟාවේ.

පෙර පුවත 2013 ඔක්තෝබර් 20 ඉරිදා- පස්වරු 07:43

ශ්‍රී ලංකාවේ සංචාරය කරන 20 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ගිනි සිළුව අද (20) මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගය වෙත රැගෙන යනු ලැබුවා. ගිනි සිළුව අද උදෑසන මහනුවර බලා ගමන් ආරම්භ කළේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන්. ඒ සදහා විශේෂිත දුම්රියක් යෙදවීමට ද ජාතික ඔලිම්පික් කමිටුව පියවර ගත්තා. මහනුවර බලා යන ගමනේදී ගිනි සිළුවේ පළමු නැවතුම්පොළ වූයේ වේයන්ගොඩ දුම්රිය ස්ථානයයි.  මීට අමතරව පොල්ගහවෙල, රඹුක්කන යන දුම්රිය ස්ථානවලදී ගිනිසිළුව රැගෙන ආ පිරිසට විශේෂ පිළිගැනීමක් ද සිදුකෙරුණා. අනතුරුව ගිනිසිළුව පින්නවල අලි අනාථාගාරය වෙත රැගෙන ගියා. එහිදී මැණිකා ඇතින්න පිට ද ගිනි සිළුව රැගෙන යාම ද විශේෂත්වයක්.

Related Recomands
Hiru TV News | Programmes