Business04 June 2013

කොටස් වෙළදපොළ ඩුබායි පුරයට.

කොළඹ කොටස් වෙළදපොළට විදේශීය ආයෝජකයන් ආකර්ශනය කර ගැනීමේ තවත් වැඩසටහනක් ඩුබායි හිදී ඊයේ (03) දියත් කෙරුණා. ඒ සඳහා ඩුබායි කේන්ද්‍ර කර ගත් මැදපෙරදිග ආයෝජකයින් සහ ආයෝජන ආයතන සියයට වැඩි සංඛ්‍යාවක් සහභාගි වූ බවයි වාර්තා වන්නේ. කොළඹ කොටස් වෙළදපොළේ ලැයිස්තුගත සමාගම්වල නියෝජිතයන් ද මෙම ප්‍රවර්ධන වැඩසටහනට එක්ව සිටිනවා. ඊයේ (03) ආයෝජන සමුළුව ආරම්භ කරමින් සමාරම්භක දේශනය පැවැත්වූයේ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම විසින්.

Related recommendation
Hiru TV News | Programmes