General15 June 2026

හලාවත මහ රෝහලේ ආරක්ෂක නිලධාරින්ට පහරදීමක්

හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ ආරක්ෂක නිලධාරීන් තිදෙනෙකුට පහර දුන් පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 සහ 35 හැවිරිදි වියෙහි පසුවන කරවිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙක්.

ඊයේ රාත්‍රියේදී හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ ආරක්ෂක නිලධාරීන් තිදෙනෙකුට පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකළ පහරදීමකින් ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා එම රෝහලටම ඇතුළත් කර තිබුණා.

පොලිසිය පැවසුවේ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගියෙකු බැලීම සඳහා බීමතින් පැමිණි පුද්ගලයෙකු සහ තවත් පුද්ගලයෙකු රෝහලට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ කර ඇති බවයි.

එහිදී ඔවුන්ව වැළැක්වීමට ආරක්ෂක අංශ කටයුතු කිරීමත් සමගයි මෙම පහරදීම සිදුව ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes