අයි.සී.සී චැම්පියන්ස් කුසලාන තරගාවලියේ සමාරම්භක උළෙලේදී ශ්‍රී ලංකා ධඡය පෙළපාලියේ රැගෙන යන විට හින්දි ගී තනුවක් වාදනය කිරීමේ සිද්ධිය පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය කනස්සල්ල පළ කර තිබෙනවා. ජාත්‍යන්තර සම්මේලනයේ තරගාවලි අධ්‍යක්ෂ ක්‍රිස් ටෙට්ලි මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් ද යොමුකර ඇති බව සඳහන්. එහිදී ඔහු සඳහන් කර ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් තරගාවලියේ සමාරම්භක උත්සවය මෙහෙයවූ ආයතනය වෙතින් මේ පිළිබඳ විමසීමක් කරන බවයි. චැම්පියන්ස් කුසලාන සමාරම්භක උත්සවයේ දී ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කළ එම සිදුවීම මුලින්ම වාර්තා කළේ හිරු ප්‍රවෘත්ති මගින්.
මේ අතර, නවසීලන්තය සමඟ ඊයේ පැවති චැම්පියන්ස් කුසලාන තරගයේදී සීමාව ඉක්මවා විනිසුරුගෙන් ඉල්ලීම් කිරීම සම්බන්ධයෙන් මහේල ජයවර්ධන සහ තිලකරත්න දිල්ෂාන්ට ජාත්‍යන්තර සම්මේලනය අවවාද කර තිබෙනවා. ඔවුන් එහිදී අයි.සී.සී විනය නීති උල්ලංඝනය කර ඇති බවයි ජාත්‍යන්තර සම්මේලනය ප්‍රකාශ කළේ.
Latest News
''වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම්'' බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර්
ගෝනෙකු මස් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
නෝර්වේ ඔටුන්න හිමි කුමරියගේ පුත්‍රයාට වසර 4ක සිරදඬුවමක්
"පීඩිතයන් වෙනුවෙන් ආපු ආණ්ඩුව අද ධනපතියන් රකිනවා" - නාමල් රාජපක්ෂ
තීරුබදු නොගෙවා ආනයනය කළ භාණ්ඩ කන්ටේනරයක් එක්ක සැකකරුවෙක් අත්අඩංගුවට
"වැරදිකරුවෙක් නම් තමයි දේවල් හංගන්න ඕනෑ" - පාස්කු පරීක්ෂණ සහ සුරේෂ් සලේ ගැන අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් ප්‍රකාශයක්!
හලාවත මහ රෝහලේ ආරක්ෂක නිලධාරින්ට පහරදීමක්
සලේගේ බිරිඳගේ ආයාචනයට සහනයක් දෙන්නැයි අස්ගිරි මහ නාහිමියන්ගෙන් ජනපතිට ලිපියක්
රන් මිල ඉහළට
දුම්කොළ භාවිතයෙන් ජනතාව මුදාගැනීමේ විශේෂ වැඩමුළුවක් අද කොළඹ දී;