ලොව රටවල් 160කට අධික සංඛ්‍යාවක් අභිබවා හිරු ටී.වී. තවත් ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලැබුවා. අබුඩාබියේ පැවැති වර්ල්ඞ් සමිට් එවෝඞ් ට්වෙන්ටි ෆෝටීන් හිදී මෙලෙස සම්මානයට පාත්‍ර වූයේ හිරු ටී.වී. ජංගම යෙදවුමයි.
සිය ප්‍රේක්ෂකයන්ට නවමු අත්දැකීම් නිබඳව සමීප කරන හිරු ටී.වී. ජංගම යෙදවුම එළිදැක්වූයේ යූ ටියුබ් වෙබ් අඩවිය හා සම්බන්ධ ශ්‍රී ලංකාවේ පළමු රූපවාහිනී යෙදවුම ලෙසින්. එය ගූගල් ප්ලේ ස්ටෝර් හි ඉහළම ස්ථානයකට පැමිණෙන්නේ බාගත කිරීම් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් එක් කර ගනිමින්. ඒ හේතුව නිසාම වර්ල්ඞ් සමිට් එවෝඞ් ට්වෙන්ටි ෆෝටීන් ජාත්‍යන්තර සම්මාන උළෙල නියෝජනය කිරීමට මෙම යෙදවුම සුදුසුකම් ලබනවා. ඒ, මෙරට අනෙකුත් ජංගම යෙදවුම් සියල්ල අභිබවමින්. මෙම සම්මාන උළෙලේ මෙරට තාක්ෂණික ආයතනය ලෙස කටයුතු කළේ ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයයි.
තොරතුරු තාක්ෂණ අංශය ඔස්සේ ප්‍රවීනයන්ගේ විනිශ්චයට එහිදී හිරු ටී.වී. ජංගම යෙදවුම ලක්වුයේ පහසුවෙන් හැසිරවීමේ හැකියාව, අතුරු මුහුනතේ ක්‍රියාකාරීත්වය, විශේෂාංග සහ තාක්ෂණික යෙදුම් යන කරුණු ඔස්සේයි. ඒ සියලූ කඩඉම් පසු කරමින් ලොව පුරා රටවල් 160ක ජංගම දුරකතන යෙදවුම් 500කට ආසන්න සංඛ්‍යාවක් සමග තරඟ කර හිරු ටී.වී. ජංගම යෙදවුම වර්ල්ඞ් සමිට් එවෝඩ් 2014 සම්මාන උළෙලේ හොඳම යෙදවුමක් බවට පත්වනවා. ඒ, මෙම සම්මානය දිනා ගත් ශ්‍රී ලංකාවේ එකම මාධ්‍ය ආයතනය වෙමින්. ඊට අදාළ සම්මානය හිරු ටී.වී.වෙත පිරිනැමුණේ අබුඩාබියේ පැවති සම්මාන රාත්‍රියේදියි.
හිරු ටී.වී, ශ්‍රී ලංකාව තුළ පමණක් නොව මුළු කලාපය තුළම පෙරළියක් ඇති කර ඇති බව වර්ල්ඞ් සමිට් එවෝඞ් 2014 සම්මාන උළෙලේ සභාපති පීටර් ඒ. බ්‍රක් ප්‍රකාශ කළා.
"මාධ්‍ය හා ප්රවෘත්ති අංශය තුළ අපි සම්මානයට පාත්‍ර කරන්නේ ලෝකයේ වඩාත්ම කැපි පෙනෙන පුද්ගලයින්. ඒ අනුව හිරු ටී.වී. ආයතනය මෙම සම්මානයෙන් පිදුම් ලැබීමට සූදානම් බව ජුරිය තීරණය කළා. විශේෂයෙන්ම හිරු ටී.වී. ආයතනය ශ්‍රි ලංකාව තුළ පමණක් නොව මුළු කලාපයේම පෙරළියක් ඇති කර තිබෙනවා. මක් නිසාද යත් හිරු ටී.වී. සිදුකර ඇත්තේ රූපවාහිනිය හා ජංගම දුරකතනය එකිනෙක අන්තර්ගත කිරීමක්. ඒ වගේම රූපවාහී සංඥා ජංගම දුරකතනය සමග එකිනෙක බද්ධ කිරීමත් සුවිශේෂීයි. මේ කරුණු ඉතා විශිෂ්ඨයි. මා සුබ පතනවා හිරු ටී.වී. නාලිකාවට."

මෙරට ප්රමුඛ පෙළේ වෙබ් අඩවි රැසක හිමිකාරීත්වය දරණ ආසියානු මාධ්‍ය ජාලයට අනුබද්ධ ලෝටස් ටෙක්නොලජිස් ආයතනය මෙම ජාත්‍යන්තර සම්මානලාභී යෙදවුම බලගන්වන අතර මෙහි තාක්ෂණික සහකරු වශයෙන් ක්‍රියා කරන්නේ භාෂා ලංකා සමාගමයි.
හිරු ටී.වී. හිමිකරගත් මෙම ජාත්‍යන්තර සම්මානය මෙරට ඩිජිටල් කර්මාන්ත ක්ෂේත්රයේ නොමැකෙන සටහනක් තබන බව ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා සිය සුභාෂිංසන එක්කරමින් පවසනවා.
“මෙම ජාත්‍යන්තර සම්මානය මෙරට ඩිජිටල් කර්මාන්ත ක්ෂේත්රයේ නොමැකෙන සටහනක් තබනවා.. ජාත්‍යන්තර ඩිජිටල් මාධ්‍ය ලෝකය තුළ ඉහළම ස්ථානයකට පැමිණීමට මෙම සම්මානය අපව නිසැකවම දිරිමත් කරනු ඇති.”
රටවල් 160 කට අධික සංඛ්‍යාවක යෙදවුම් 500 කට ආසන්න සංඛ්‍යාවක් අභිබවමින් හිරු ටී.වී.වර්ල්ඩ් සමීට් එවෝඩ් 2014 ජාත්‍යන්තර සමුළුවේදී, මේ ලබාගත් සම්මානය ශ්‍රී ලාංකේය ඩිජිටල් කර්මාන්ත ඉතිහාසයේ නොමැකෙන සටහනක් තබනු නොඅනුමානයි.

මීට පෙර පල කළ පුවත් පහතින් බලන්න :
හිරු TV මොබයිල් ඇප්ස් යෙදවුම ජාත්‍යන්තරව හොදම මොබයිල් ඇප්ස් යෙදවුම් අතරට තේරී පත්වේ !
හිරු TV මොබයිල් යෙදවුම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගෝලීය සම්මානයකට නිර්දේශ වෙයි !

Latest News
ගල් අඟුරු කොමිසමේ සාක්ෂි විමසීම ජූලි මුල් සතියේ ඇරඹේ
Local
07 June 2026
ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් හෙට සිට මහජන දිනයදා වෙනත් රැස්වීම් වර්ජනය කරයි
Local
07 June 2026
2026 පාසල් රග්බි ලීගය : විද්‍යා විද්‍යාලය 26-10 ක් ලෙස ලුම්බිණි විද්‍යාලය පරාජය කරයි
Local
07 June 2026
පෞද්ගලික බස් ධාවනය හෙටින් පසු සීමාවෙයි
Local
07 June 2026
ටියැන්මෙන් ඝාතනයට වසර 37යි: අමෙරිකානු රාජ්‍ය ලේකම්ගෙන් චීනයට දැඩි චෝදනා
Local
07 June 2026
ඉන්ධන අර්බුදය නිසා ප්‍රාදේශීය ලේකම්වරුන් ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත් වීමේ සූදානමක්
Local
07 June 2026
ගොවි ජනතාවට වාරිමාර්ගයෙන් පණිවුඩයක්
Local
07 June 2026
ඉන්දීය ආර්ථිකයේ 7.8%ක අනපේක්ෂිත වර්ධනයක්
Local
07 June 2026
'ශාසන ශෝධන' වැඩපිළිවෙළක් ඉල්ලා චන්ද්‍රිකා මහ නාහිමිවරුන් බැහැදකී
Local
07 June 2026
සලේගේ අන්තිම කැමති පත්‍රය සැකසීමට හමුවීමට අවස්ථාව ඉල්ලා නීතිඥවරයාගෙන් ශානිට ලිපියක් : කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහාත් ඉල්ලීමක්
Local
07 June 2026