General08 May 2015

ඥානසාර හිමියන්ට වරෙන්තු

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය අද (08) වරෙන්තු නිකුත් කළා. ඒ, අල්ලස් කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණ තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබියදී එය කඩ කිරීමට අදාළ නඩුවට අද පෙනී නොසිටීම හේතුවෙන්. මේ වන විට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජපානයේ සංචාරයක නිරතව සිටින බවයි වාර්තා වන්නේ.

Related recommendation
Hiru TV News | Programmes