හිටපු විදේශ කටයුතු අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි සිය නිල සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ විශේෂ සටහනක් තබමින් අවධාරණය කරන්නේ දේශපාලන බලය යන්න තාවකාලික වුවද, රාජ්‍ය ආයතන කෙරෙහි පවතින මහජන විශ්වාසය එසේ නොවන බවයි.
තමන්ගේ පුද්ගලික නිරීක්ෂණයට අනුව, අතීතයේදී ජෙනරාල් සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම සහ එවකට අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක, දෝෂාභියෝගයකින් ධූරයෙන් ඉවත් කිරීම වැනි සිදුවීම්වලින් පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජනප්‍රියත්වය ද ක්‍රමයෙන් පිරිහීමට ලක්වූ බව ඔහු පෙන්වා දෙනවා.
ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා සුවිශේෂී දායකත්වයක් දැක්වූ පුද්ගලයින්ට ගොතන ලද චෝදනා (Concocted charges) මත පදනම්ව අමානුෂික ලෙස සැලකීම සහ අධිකරණයේ ස්වාධීනත්වයට හානි කිරීම දිගුකාලීන බරපතල ප්‍රතිවිපාක ගෙන දෙන මහා පාපයක් බව ද හිටපු අමාත්‍යවරයා සඳහන් කරනවා.
ඉතිහාසය විසින් ඕනෑම සමාජයකට වටිනා පාඩම් කියා දෙන බවත්, බුද්ධිමත් ජාතීන් එම පාඩම් මනාව ඉගෙන ගත යුතු බවත් අලි සබ්රි වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා.
"පොලිසිය මහජනතාව නොමඟ යවනවා"
එසේම හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ රඳවා තබා ගැනීම සහ ඔහුට අමානුෂික ලෙස සැලකීම සම්බන්ධයෙන් දැඩි ලෙස විවේචනයක් ද එල්ල කර තිබෙනවා.
එහිදී අලි සබ්රි පෙන්වා දෙන්නේ සුරේෂ් සලේ, දැනට පසුවන්නේ අධිකරණ අත්අඩංගුවේ (Judicial Custody) නොව, විධායකය සතු බලතල ප්‍රකාරව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද රැඳවුම් නියෝග මත බවයි.
මෙම සැබෑ තත්ත්වය වසන් කරමින් ශ්‍රී ලංකා පොලිසිය විසින් මහජනතාව නොමඟ යවන සුළු ප්‍රකාශ නිකුත් කරන බවට ද ඔහු ඍජුවම චෝදනා කර සිටිනවා.

Latest News
ඉන්දියාවේ උපායමාර්ගික ස්වාධීනත්වයට පුටින්ගෙන් දැඩි සහයෝගයක්
Local
07 June 2026
"FIFA ලෝක කුසලානයේ මගේ සහාය අමෙරිකාවට" : පාප්වහන්සේ
Local
07 June 2026
"දේශපාලන බලය තාවකාලිකයි; මහජන විශ්වාසය එසේ නොවේ" - ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නැයි අලි සබ්රිගෙන් සටහනක්
Local
07 June 2026
ඓතිහාසික මොනාකෝ FIA ෆෝමියුලා 3 තරග බිමේදී යෙවාන් ඩේවිඩ්ගෙන් අතිවිශිෂ්ට ධාවනයක්
Local
07 June 2026
Monaco Grand Prix මෝටර් රථ තරගාවලියේ ජයග්‍රහණය ඇන්ටොනෙලී සතු වෙයි
Local
07 June 2026
කොදෙව් නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රි ලංකා නැගී එන කණ්ඩායම අතර ක්‍රිකට් තරගාවලිය හෙට ඇරඹේ
Local
07 June 2026
උපවාසයක සිටි සලේ ජාතික රෝහලට
Local
07 June 2026
තෙල් නිෂ්පාදන කෝටා ඉහළ දැමීමට OPEC සංවිධානය තීරණය කරයි
Local
07 June 2026
සුරේෂ් සලේට සුදුසු ප්‍රතිකාර දෙන්න : නැතහොත් වගකීම භාරගන්න - නීතීඥවරයාගෙන් සී.අයි.ඩී ප්‍රධානියාට ලිපියක්
Local
07 June 2026
ගල් අඟුරු කොමිසමේ සාක්ෂි විමසීම ජූලි මුල් සතියේ ඇරඹේ
Local
07 June 2026