General01 August 2015

Update : එක්කෝටි විසි ලක්ෂයක රත්‍රං ගුවන් තොටුපළේදී දැලේ

රුපියල් එක්කෝටි 20 ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් 24ක් සමඟ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපළේදී රේගුව මගින් අද අලූයම අත්අඩංගුවට ගත්තා. මුම්බායි සිට පැමිණි ජෙට් එයාර්වේස් ගුවන් යානයකින් පැමිණ ඇති මොහු අකුරණ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු සිය ගමන් මල්ල තුළ මෙම රන් බිස්කට් සඟවාගෙන පැමිණ ඇති බව සදහන්. මෙම පුද්ගලයා පිළිබඳ සැක සිතී ගුවන් නියමුවා ලබාදුන් තොරතුරක් අනුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ. මූලික පරීක්ෂණවලින් අනතුරුව රන් තොගය රේගු භාරයට ගෙන ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

Update : Saturday, 01 August 2015 - 13:15
----------------------------------------------------
රුපියල් එක්කෝටි 20 ලක්ෂයක රන් බිස්කට් සමඟ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

රුපියල් එක්කෝටි 20 ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් 24ක් සමඟ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපළේදී රේගුව මගින් අද (01) අලූයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුම්බායි සිට පැමිණි ජෙට් එයාර්වේස් ගුවන් යානයකින් පැමිණ ඇති මොහු අකුරණ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු සිය ගමන් මල්ල තුළ මෙම රන් බිස්කට් සඟවාගෙන පැමිණ ඇති බව සදහන්. මෙම පුද්ගලයා පිළිබඳ සැක සිතී ගුවන් නියමුවා ලබාදුන් තොරතුරක් අනුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ. මූලික පරීක්ෂණවලින් අනතුරුව රන් තොගය රේගු භාරයට ගෙන තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes