අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයා ලෙස සැළකෙන කුමාර් ගුණරත්නම් මේ මස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, කෑගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවට ඊයේ (04) පස්වරුවේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයා ලෙස සැළකෙන කුමාර් ගුණරත්නම් පොලීසිය ඊයේ් අත්අඩංගුවට ගත්තේ කෑගල්ල - රුවන්වැල්ල - අඟුරුවැල්ල ප්‍රදේශයේ පිහිටි සිය මවගේ නිවසේ රැඳී සිටියදියි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කණ්ඩායම ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන්වූ පසු ඔවුන්ට නායකත්වය ලබාදුන් ප්‍රධාන පෙළේ සාමාජිකයෙකු වන්නේ කුමාර් ගුණරත්නම්.
ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන්වූ පසු කුමාර් ගුණරත්නම් සහ එම කණ්ඩායමේ දිමුතු ආටිගල 2012 අප්‍රේල් 7 වනදා රාත්‍රියේ පැහැරගැනීමකට ලක්වූයේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ නිවසක සිටියිදියි. පසුව 9 වනදා කොළඹ අපරාධ කොට්ඨාශය ආසන්නයට ඔවුන්ව ගෙනවිත් දමා තිබුණා. එම සිද්ධියේදී එවකට ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරිය ඊට මැදිහත්වූයේ කුමාර් ගුණරත්නම් නමින් හඳුන්වන නොයෙල් මුදලිගේ නැමති පුද්ගලයා ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු වීම හේතුවෙන්. මේ නිසා අප්‍රේල් 10 වනදා ඔහුව මෙරටින් පිටුවහල් කළා.
පසුව සංචාරක වීසා මත 2015 ජනවාරි පළමුවනදා ඔහු යළි දිවයිනට පැමිණියා. ඉන්පසු පෙරටුගාමී සමාජවාදී පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේ ඔහුව යළිත් රටින් පිටුවහල් කිරීම වළක්වන ලෙස ඉල්ලමින්. එහෙත් 2015 පෙබරවාරි 18 වනදා අදාළ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කෙරුණා.
ඒ අනුව ආගමන විගමන නීති උල්ලංඝනය කිරීමේ චෝදනාවට ඔහුව අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබුණා. පොලීසිය ප්‍රකාශ කළේ කුමාර් ගුණරත්නම් නැමැත්තා දස්කොන්, දයාලාල් යන නම්වලින්ද පෙනී සිට ඇති බවයි. පසුගිය මහ මැතිවරණයේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජාතික ලැයිස්තුවටද ඔහුගේ නම ඇතුළත් වූයේද මෙවන් පසුබිමක් තිබියදියි.
Update: Thursday, 05 November 2015 - 7:00
-----------------------------------------------
අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයා ලෙස සැළකෙන කුමාර් ගුණරත්නම් ලබන 18 වනදා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ, කෑගල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට අද පස්වරුවේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයා ලෙස සැළකෙන කුමාර් ගුණරත්නම් පොලීසිය අද දහවල් අත්අඩංගුවට ගත්තේ කෑගල්ල - රුවන්වැල්ල - අඟුරුවැල්ල ප්‍රදේශයේ පිහිටි සිය මවගේ නිවසේ රැඳී සිටියදියි.
Wednesday, 04 November 2015 - 20:03
--------------------------------------------
කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයා ලෙස සැළකෙන කුමාර් ගුණරත්නම් පොලීසිය අද (04) අත්අඩංගුවට ගත්තා. ඒ, කෑගල්ල - රුවන්වැල්ල - අඟුරුවැල්ල ප්‍රදේශයේ පිහිටි සිය මවගේ නිවසේ රැඳී සිටියදියි. අත්අඩංගුවට ගත් කුමාර් ගුණරත්නම් ඉදිරියේදී කෑගල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළා.

අද දිනයේ කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව හිරු ප්රවෘත්ති අංශය වෙත ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔහුගේ මව වන රාජමනී ගුණරත්නම් කියා සිටියේ තමන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා රාගම රෝහලට ගොස් නිවසට පැමිණි පසු පැමිණී පොලීසිය කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගත් බවයි.
Wednesday, 04 November 2015 - 19:03

කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට
ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයෙකු වන කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ කෑගල්ල - අඟුරුවැල්ල ප්‍රදේශයේදී මොහු අත්අඩංගුවට ගෙන ඇති බවයි. පසුගිය ජනාධිපතිවරණයට පෙර සංචාරක වීසා උපයෝගී කරගනිමින් මෙරටට පැමිණි ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි කුමාර් ගුණරත්නම්ගේ වීසා කාලය ඉකුත් ජනවාරි 31 වනදායින් අවසන් වුණා. අනතුරුව ආගමන විගමන පාලකවරයා පොලිස්පතිවරයාට දැනුම්දුන්නේ නීතිවිරෝධීව මෙරට රැඳී සිටින කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගන්නා ලෙසයි. ඊට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ගොනු කළා. ඒ, කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගැනීම හෝ රටින් පිටුවහල් කිරීම වළක්වාලන ලෙස ඉල්ලමින්. කෙසේ නමුත් පසුව මෙම පෙත්සම ප්‍රතික්ෂේප කිරීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ.

Latest News
ලෝක ටෙස්ට් ශූරතාවලියේ ලකුණු සටහන උඩුයටිකුරු වෙයි : ශ්‍රී ලංකාව තුන්වැනි ස්ථානය දක්වා ඉදිරියට
Local
08 June 2026
ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි ඒකල ශූරතාවය තීරණාත්මක සටනකින් පසු ඇලෙක්සැන්ඩර් ස්වෙරෙව්ට
Local
08 June 2026
ඉන්දියාවේ උපායමාර්ගික ස්වාධීනත්වයට පුටින්ගෙන් දැඩි සහයෝගයක්
Local
07 June 2026
"FIFA ලෝක කුසලානයේ මගේ සහාය අමෙරිකාවට" : පාප්වහන්සේ
Local
07 June 2026
"දේශපාලන බලය තාවකාලිකයි; මහජන විශ්වාසය එසේ නොවේ" - ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නැයි අලි සබ්රිගෙන් සටහනක්
Local
07 June 2026
ඓතිහාසික මොනාකෝ FIA ෆෝමියුලා 3 තරග බිමේදී යෙවාන් ඩේවිඩ්ගෙන් අතිවිශිෂ්ට ධාවනයක්
Local
07 June 2026
Monaco Grand Prix මෝටර් රථ තරගාවලියේ ජයග්‍රහණය ඇන්ටොනෙලී සතු වෙයි
Local
07 June 2026
කොදෙව් නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රි ලංකා නැගී එන කණ්ඩායම අතර ක්‍රිකට් තරගාවලිය හෙට ඇරඹේ
Local
07 June 2026
උපවාසයක සිටි සලේ ජාතික රෝහලට
Local
07 June 2026
තෙල් නිෂ්පාදන කෝටා ඉහළ දැමීමට OPEC සංවිධානය තීරණය කරයි
Local
07 June 2026