International08 November 2015

රුසියානු ගුවන් අනතුරට හේතුව තවමත් අවිනිශ්චිතයි

පුද්ගලයන් 224 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් සිනායි අර්ධද්වීපයට කඩා වැටුණු රුසියානු ගුවන් යානය අනතුරට ලක්වීමට හේතුව මෙතෙක් අවිනිශ්චිත බව ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන ජාත්‍යන්තර කණ්ඩායමේ ප්‍රධානී අයිමාන් අල්. මුකඩාම් ප්‍රකාශ කළා. ප්‍රංශ පරීක්ෂකයන් මීට පෙර ප්‍රකාශ කළේ ගුවන් යානය හදිසි පිපිරීමකින් කඩාවැටුණු බවයි. එමෙන්ම ගුවන් යානයේ ගබඩා අංශයේ බෝම්බයක් තැබූ බවට තොරතුරු වාර්තාවී යැයි බ්‍රිතාන්‍ය පරීක්ෂකයන් සඳහන් කළා. කෙසේ නමුත් පරීක්ෂන කණ්ඩායමේ ප්‍රධානියා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් අවසන් නිගමනයකට එළඹීමට තවත් යම් කාලයක් ගතවනු ඇති බවයි.

Related recommendation
Hiru TV News | Programmes