General19 November 2015

අකුණු කුඹුරට පාත්වී දෙදෙනෙකු අරන් ගිහින්

අද දිනයේදීත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පස්වරු කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර ඒකනායක සඳහන් කළේ එම වැසිත් සමඟ අකුණු අනතුරු සිදුවිය හැකි බවයි.

මේ  හේතුව නිසා ඒ පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බවයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

මේ අතර අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. කන්තලේ - අග්බෝපුර - ගිනිපෙට්ටි පාලම ප්‍රදේහයේ කුඹුරක වැඩ කරමින් සිටි පුද්ගලයෙකු ඊයේ අකුණු සැර වැදීමකින් ජීවිතක්ෂයට පත්වී ඇති අතර, ඔහු වයස අවුරුදු 50 ක පුද්ගලයෙක්.

එමෙන්ම අනුරාධපුර ගෝමරන්කඩවල ප්‍රදේශයේදී කුඹුරක වැඩ කරමින් සිටි කාන්තාවක්ද අකුණු සැර වැදීමෙන් ඊයේ ජීවිතක්ෂයට පත්වුණා.

Related recommendation
Hiru TV News | Programmes