General12 March 2016

මංගල සාදයක ගැටුමක් මැඩපැවැත්වීමට ගිය පොලිසියට ප්‍රහාරයක් (ඡායාරූප)

මංගල සාදයක ඇතිවු බව කියන ගැටුමක් මැඩපැවැත්වීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

ඒ ගාල්ල දඩල්ල ප්‍රදේශයේදීයි. අද අලුයම 3 ට පමණ හදිසි ඇමතුම් අංශයට ලැබුනු තොරතුරකට අනුවයි පොලිසිය එම ස්ථානයට ගොස් ඇත්තේ.

එහිදී බීමත්ව සිටි පිරිසක් පොලිසිය සමග ගැටුමක් ඇතිකරගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කලා.

එහිදී එක් පොලිස් නිලධාරියකු තුවාල ලබා ඇති අතර ඔහු කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබෙනවා.

සැකකරුවන් කල පහරදීමෙන් පොලිස් ජීප් රථයට ද අලාභ හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කලේ.

පොලිසියට පහරදීමට සම්බන්ධ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධිය පිළිබඳ ගාල්ල පොලිසියයි විමර්ශණ මෙහෙයවන්නේ.



ඡායාරූප - රත්ගම රොෂාන්


Related recommendation
Hiru TV News | Programmes