General03 November 2016

හම්බෙගමුවේ වන අලි ජාවාරමක් හෙළි වෙයි (ඡායාරූප)

හම්බෙගමුව ප්‍රදේශයේදී ගසක ගැටගසා තිබු වන අලි පැටවකු බේරා ගැනීමට වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් සමත්වී තිබෙනවා.

කිසියම් පිරිසක් විසින් මෙම අලි පැටවා කැලෑවෙන් අල්ලාගෙන ගසක ගැටගසා තිබී ඇත්තේ රැගෙන යාමට බවටයි සැක කෙරෙන්නේ.

අලි පැටවා ගසක ගැට ගසා තිබෙනු දුටු ප්‍රදේශවාසීන් වනජීවී නිලධාරීන්ට දන්වා ඇති අතර ඒ අනුවයි ඔවුන් අලි පැටවා සිය භාරයට ගෙන ඇත්තේ.

රාත්‍රී කාලයේදී වාහනයක් රැගෙන විත් අලි පැටවා රැගෙන යාම සඳහා ගසක බැඳ තබන්නට ඇතැයි සැක කෙරෙනවා.

මෙම අලි පැටවා ගෙන යාමට සැලසුම් කල පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා හම්බෙගමුව පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

ඊට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද මේ සම්බන්ධයෙන් විමර්ශණ සිදුකරන බවයි තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශය නිවේදනය කලේ.




Related recommendation
Hiru TV News | Programmes