හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද ශ්‍රී ලංකාවේ චීන තානාපති යී - ෂියැංලියැං හමුවී තිබෙනවා.
කොළඹ පිහිටි හිටපු ජනාධීපතිවරයාගේ නිල නිවසේදී සිදුවූ මෙම සාකච්ඡාවේදී හම්බන්තොට සිද්ධිය පිළිබඳව අවධානය යොමුවූ බවයි වාර්තාවන්නේ.
මේ අතර හම්බන්තොට වරාය සහ කර්මාන්තපුරය පිළිබඳ කටයුතු ප්‍රදේශවාසී උද්ඝෝෂකයන්ට බැටන් පොලූ පහරදී හිර කූඩුවට දමා විසඳිය හැකි ප්‍රශ්නයක් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඒ, හම්බන්තොට වරාය ගණුදෙනුව යන මැයෙන් නිවේදනයක් නිකුත් කරමින්.
අදාළ ගණුදෙනුවෙන් ශ්‍රී ලංකාවට සිදුවන ආර්ථිකමය වාසි අවාසි, වරාය පරිශ්‍රයේ පාලනය, රටේ ස්වාධිපත්‍යය සහ පරිසරයට ඇතිවිය හැකි බලපෑම් සම්බන්ධයෙන් ගැටළු පවතින බවයි ඔහු එමඟින් වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.
පසුගිය ආණ්ඩුව චයිනා හාබර් සහ චයිනා මර්චන්ට් සමාගම් දෙක සමඟ වසර 40 කට අදාළ කළමනාකරන ගිවිසුමක් අත්සන් කළ බව සඳහන් කරන හිටපු ජනාධිපතිවරයා යෝජිත 99 අවුරුදු නව ගිවිසුම් මගින් ආර්ථිකමය අවාසි රැසක් සිදුවන බව සඳහන් කරනවා.
මීට පෙර අත්සන් කළ ගිවිසුම නොසළකා හැරීම මෙන්ම කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන ව්‍යාපෘති නවතා දැමීමද බුද්ධිමත් නොවන ක්‍රියාමාර්ග ලෙසයි ඔහු හඳුන්වාදෙන්නේ.
එසේම හම්බන්තොට වරාය බදු දීමේදී හෙක්ටයාර 2000 ක් පුරා විහිදී ඇති කර්මාන්ත කලාපයේ බලයද විදේශීය සමාගමකට ලැබෙන නිසා එය රටේ ස්වාධිපත්යයටද බලපෑම් ඇති කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අදහසයි.
වසර 99 ක් වැනි දිගු කළකට වරාය බදුදීම පිළිබඳව තමන් විරුද්ධත්වය පළ කරන බව සඳහන් කරන ඔහු අක්කර 15000 ක ආයෝජන කලාපයක් විදෙස් සමාගමකට ලබාදීම සාධාරණීකරණය කළ නොහැකි බවට ප්‍රකාශ කරනවා.

Latest News
නීතිඥ සංගමය ජනපති සමග සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝව ඉල්ලයි
Local
15 August 2026
ගොඩ ගැසුණු රස පරීක්ෂක වාර්තා 9,000ක කටයුතු මේ මස අවසන් කිරීමට පියවර
Local
15 August 2026
ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් මියගිය ගණන 5 දක්වා ඉහළට
Local
15 August 2026
කුප්පියාවත්ත වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට
Local
15 August 2026
"ශිරාන් බාසික්"ට පැය 72ක රැඳවුම් නියෝග
Local
15 August 2026
මහනුවර ඇසළ පෙරහරේ ආරක්ෂාවට පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ 8000ක්
Local
15 August 2026
කාසියේ වාසිය ඉන්දියාවට! : බැට් එක ඉන්දියාවට බෝලෙ ලංකාවට
Local
15 August 2026
ලබන වසරේ මුල් කාලයේ උද්ධමනය ඉහළ යයිද?
Local
15 August 2026
ශ්‍රී ලංකා - ඉන්දියා පළමු ටෙස්ට් තරගය අද ගාල්ලේදී
Local
15 August 2026
අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6ක් මරුට
Local
15 August 2026