අන්තර්ජාලය යොදාගනිමින් ලිංගික හිංසන සිදු කරන පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් පැමිණිලි ලද වහාම ක්‍රියාත්මක වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ පිළිබඳ විශේෂ ඒකකය නවීන තාක්ෂණික සන්නිවේදන උපකරණවලින් සන්නද්ධ කර ඇති බවයි.
එවැනි අපරාධ පිළිබඳ පැමිණිලි රාශියක් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් වන විමර්ශන කඩිනම් කර ඇතැම් අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට ද එම දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.
අපරාධකරුවන් හඳුනා ගැනීම සඳහා -
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ මෑත කාලයේදී අතිශය පෞද්ගලික හා අසභ්‍ය යැයි හැඟී යන වීඩියෝ දර්ශන කිහිපයක් අන්තර්ජාලයේ හුවමාරු වන බවත් සිවිල් ක්‍රියාකාරීන් ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිලි වලට අනුව එම වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහැරීමට ක්‍රියා කළ පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.
විවාහක කාන්තාවන්, පාසල් ළමුන් සහ තරුණියන් ඉලක්ක කරගනිමින් ලිංගික අල්ලස් ලබා ගැනීම, අපහාස කිරීම, කප්පම් ඉල්ලා සිටීම අරමුණු කරගනිමින් අන්තර්ජාලයට මුදාහැර ඇති වීඩියෝ දර්ශන සහ ඡායාරූප රැසක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානය යොමුකර ඇති බව සදහන්.
දඬුවම් ලැබිය හැකි වරදක් -
1927 අසභ්‍ය ප්‍රකාශන සම්බන්ධ නීතිය, 2005 වර්ෂයේ දී අසභ්‍ය ප්‍රකාශන පනත ලෙස සංශෝධනය කර ඇති අතර ඒ අනුව පුද්ගලයන්ට හානි සිදුවිය හැකි මුද්‍රිත චිත්‍ර, සිතුවම්, සංඥා ඡායාරූප, පෝස්ටර්, චිත්‍රපට, වීඩියෝ දර්ශන බෙදාහැරීම, ළඟ තබාගැනීම, නිපදවීම, ආනයනය කිරීම හෝ අපනයනය කිරීම, ප්‍රසිද්ධ කරවීම දඬුවම් ලැබිය හැකි වැරදි බව දක්වා තිබෙනවා.
දණ්ඩ නීති සංග්‍රහයේ 285, 286, 287 වගන්ති අනුව ඉහත සදහන් අපරාධයට සම්බන්ධ වූවන්ට මාස 03ක කාලයක් සිරගත කිරීමක්, දඩයක් නියම කිරීම හෝ ඒ දෙකම පැනවිය හැකි බව සදහන්.
එමෙන්ම 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහයේ (සංශෝධිත) පනතේ 345 වගන්තිය යටතේ පැහැදිලි කර ඇති පරිදි කිසියම් පුද්ගලයකුට වචනයකින්, ක්‍රියාවකින්, ඉඟියකින් ලිංගික හිංසා සිදු කිරීමක්, නිරුවත් හෝ අඩනිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරීම, පැහැදිලිවම ලිංගික හිංසන සිදු කිරීමක් ලෙස දක්වා තිබෙනවා.
අපරාධ සිදු කරන පුද්ගලයන්ට එරෙහිව කටයුතු කරන ආකාරය -
අන්තර්ජාලය ඔස්සේ අපරාධ සිදු කරන පුද්ගලයන්ට එරෙහිව කටයුතු කරන ආකාරය 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත මඟින් ද පෙන්වා දෙනවා.
1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහයේ (සංශෝධිත) පනතේ 345 වගන්තිය යටතේ මෙවැනි අපරාධ කරන පුද්ගලයන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකියි.
කිසියම් පුද්ගලයකු අන්තර්ජාලය ඔස්සේ එවැනි අපරාධයක් සිදුකර ඇතැයි ඔප්පු වුවහොත් අදාල පුද්ගලයා වසර 05ක් දක්වා බන්ධනාගාරගත කිරීමක් සහ හානියේ ස්වභාවය අනුව රුපියල් මිලියන ගණනක වන්දියකටත් යටත් වීමට සිදුවෙනවා.
අදාළ නීති රෙගුලාසිවලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ පිළිබඳ විශේෂ මෙහෙයුම් ඒකකය සිය විමර්ශන කඩිනම් කර ඇති බවයි වාර්තා වන්නේ.
2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත

Latest News
පියා හා සීයා එකතු වී දස හැවිරිදි දැරියක් කෙළෙසයි
Local
14 August 2026
පුටින්ගේ එටොරොෆු සංචාරයට ජපානයෙන් දැඩි විරෝධයක්
Local
14 August 2026
ඊයේ මොණරාගල උණුසුම සෙල්සියස් අංශක 37.2යි - දිස්ත්‍රික්ක 07ක උණුසුම අදත් ඉහළට
Local
14 August 2026
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් වත්කම් සහ දේපළ මිලදී ගත් පොඩ්ඩි අත්අඩංගුවට
Local
14 August 2026
ඔස්ට්‍රේලියාවේ අවුරුදු 16ට අඩු ළමුන්ගේ ගිණුම් 750,000ට වැඩි ප්‍රමාණයක් Meta සමාගම අත්හිටුවයි
Local
14 August 2026
අධ්‍යාපනයෙන් බෙදන්න දුන් ලක්ෂ 8ක පෙළපොත් තොගයක්ම අතුරුදන්
Local
14 August 2026
දින 250ක් මුහුදේ - ඇමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවෙන් දුක්ගැනවිලි
Local
14 August 2026
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
Local
14 August 2026
චීනයේ C919 යානය ජාත්‍යන්තර අහසට: බෝයිං - එයාර්බස් බලයට තර්ජනයක්!
Local
13 August 2026
2024 දී GSP+ හරහා ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 139ක බදු සහනයක් : 2027 දී කොන්දේසි තද වෙයි
Local
13 August 2026