General07 June 2017

දුම්කොළ වගාව 2020 න් පසු තහනම් කිරීමට පියවර

යෝජිත පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල අවසාන කෙටුම්පත කතානායක කරූ ජයසූරිය අද සභාගත කළා.

ඒ, සම්බන්ධයෙන් වන සංශෝධන, අදහස්, යෝජනා මේ මස 21 වැනි දිනට හෝ ඊට පෙර පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට භාරදීමට කටයුතු කරන ලෙසයි කතානායකවරයා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ.

මේ අතර 2020 වසරෙන් පසු මෙරට දුම්කොළ වගාකිරීම තහනම් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද පැනයකට පිළිතුරු ලබාදෙමින්.

මේ අතර ස්ථාවර නියෝග යටතේ සයිටම් අර්බුදය සහ සයිටම් සිසුන්ගේ පංති වර්ජනය සම්බන්ධයෙන් දිනේෂ් ගුණවර්ධන මහතා මතුකළ ප්‍රශ්නයකට අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පිළිතුරු ලබාදෙන අවස්ථාවේදී සභාවේ උණුසුම් තත්ත්වයක් හටගත්තා.

Related recommendation
Hiru TV News | Programmes