General16 May 2018

හිටපු හමුදා බුද්ධි අධ්‍යක්‍ෂවරයා යළි රිමාන්ඩ්

හිටපු හමුදා බුද්ධි අධ්‍යක්ෂ, ආරක්ෂක විද්‍යා පීඨයේ සේනා විධායක විශ්‍රාමික මේජර් ජෙනරාල්, අමල් කරුණාසේකර මේ මස 30 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද නියෝග කළා.

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියට ආධාර අනුබලදීමේ චෝදනාව යටතේයි ඔහු මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ.

නඩුව අද ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම හමුවේ විභාගයට ගත්තා.
Related recommendation
Hiru TV News | Programmes