International31 March 2019

ධ‍්‍රැව ප්‍රදේශවල කැණීම් සිදුකිරීමේ ට්‍රම්ප්ගේ උත්සාහයට අධිකරණයෙන් වාරණයක්

ආක්ටික් ධ‍්‍රැවයේ සහ අත්ලාන්තික් සාගරයේ ඛනිජ තෙල් සහ ගෑස් සම්පත් සොයා කැණීම් සිදුකිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්  ට්‍රම්ප් ලබාදී තිබූ අවසරය අධිකරණය විසින් වාරණයට ලක් කර තිබෙනවා.

ඇමරිකානු අධිකරණය ඊයේ තීන්දු කළේ එම ප්‍රදේශවල කැණීම් සිදුකිරීමට අවසරදීමෙන් ජනාධිපතිවරයා සිය බලතල ඉක්මවා ගොස් ඇති බවයි.

ඒ අනුව ආක්ටික් සාගරයේ ඇලස්කාවට ඔබ්බෙන් තෙල් කැණීම් වළක්වාලමින් හිටපු ජනාධිපති බැරක් ඔබාමා පැනවූ තහනම තවදුරටත් ක්‍රියාත්මක වනු ඇති.

ආක්ටික් ධ‍්‍රැවයේ මෙන්ම අත්ලාන්තික් සාගරයේ පිහිටි ආවාට 31 ක කැණීම් සිදුකිරීමටද ජනපති ට්‍රම්ප් අවසර ලබාදී තිබුණා.

එම පියවරද කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතියකින් තොරව ක්‍රියාත්මක කළ නොහැකි බවටයි අධිකරණය තීන්දු කර ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes