General14 April 2020

කොවිඩ් 19 අඩි 6ක් දුරට අවදානම් - වූහාන් රෝහලක පරීක්ෂාවෙන් හෙළිවේ

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් එහි තිඹිරිගෙය වූ චීනයේ වූහාන් හි පරීක්ෂණ කණ්ඩායමක් විසින් මේ වන විට අනාවරණ කරගෙන තිබෙනවා.

එහි රෝහල් දැඩි සත්කාර ඒකකයක සිදුකළ පරීක්ෂණයකින් හෙළි වී ඇත්තේ කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගියා අවට වායුගෝලයේ අඩි 6ක පරාසයක් තුළ එම විෂබීජය ව්‍යාප්තව පවතින බවටයි.

මීට අමතරව වෛරසය වැළදුණු පුද්ගලයින් භාවිතා කරන පරිඝනකවල, රෝහල්වල ඇඳන් මත මෙන්ම අනෙකුත් උපාංග මත ද මෙම වෛරසය රැදී පැවතිය හැකි බවටයි ඔවුන් අනාවරණ කරගෙන ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes