ශානි අබේසේකර ප්රමුඛ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අවශ්‍යතාව පරිදි අසත්‍ය සාක්ෂි ලබානොදීම හේතුවෙන් තස්ත්‍රවාදය වැළැක්වීමේ පනත යටතේ දින 67ක කාලයක් සී.අයි.ඩී භාරයේ තමන් රඳවා තබාගත් බව යුද හමුදා තුන්වන සන්නද්ධ බුද්ධි බලකායේ සැරයන් අනුර ජයලත් මහතා ප්‍රකාශ කළා.
ඒ දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින්.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධියට සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ව අත්අඩංගුවට ගෙන එම දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබා ගැනීම සම්බන්ධව සැරයන් අනුර ජයලත් මහතා ජනපති කොමිසමට පැමිණිලි කර තිබුණා.
තමන් ගිරිතලේ යුද හමුදා කඳවුරේ රියදුරකු වශයෙන් එවකට සේවය කළ බවත් යුද හමුදාවට අයත් තමන් පැදවූ වෑන් රථයෙන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා රාජගිරිය ප්‍රදේශයේ සිට ගිරිතලේ යුද හමුදා කඳවුරට රැගෙන ගොස් ඇති බව පවසමින් සී.අයි.ඩි ය තමන් අත්අඩංගුවට ගත් බවයි අනුර ජයලත් මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් කියා සිටියේ.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුදැනුම මත කර්නල් ෂම්මි කුමාරරත්න , ලුතිනන් කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන යන මහත්වරුන් විසින් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදහන් කළේ යැයි අසත්‍ය සාක්ෂි ලබා දෙනලෙස ශානි අබේසේකර ප්රමුඛ CID නිලධාරීන් දිගින් දිගමට තමන්ට බලපෑම් කළ බව අනුර ජයලත් මහතා කොමිසමට කියා සිටියා .
අසත්‍ය සාක්ෂි ලබා ගැනීමට උපක්‍රම වශයෙන් CID නිලධාරීන් තමන් ඇතුළු යුද හමුදා බුද්ධි නිලධාරීන්ට මත්පැන් පවා ලබාදී කෙසේ හෝ බොරු සාක්ෂි ලබා ගැනීමට දැඩි උත්සාහයක් දැරූ නමුත් කිසි විටෙකත් තමන් ඔවුනට අවශ්‍ය බොරු සාක්ෂි ලබා නොදුන් බවත් වැඩිදුරටත් සාක්ෂි ලබාදෙමින් කොමිසම හමුවේ ඔහු ප්‍රකාශ කළා.
සැරයන් අනුර ජයලත් මහතා කොමිසම හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ පසුව දින හැට හතක් තස්ත්‍රවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව සී.අයි.ඩී. භාරයේ රඳවා තබා ගත් බවත් අවසානයේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත නොකර තමන්ව මුදාහැරිය බවයි.
කරුණු සලකා බැලූ සභාපති විනිසුරුවරයා එම පැමිණිල්ලට අදාළව වගඋත්තරකරුවන් ලෙස හිටපු CID අධ්‍යක්ෂක ශානි අබේසේකර උප පොලිස් පරීක්ෂක ප්‍රේමතිලක සහ සැරයන් මෙන්ඩිස්ට වගඋත්තරකරුවන් ලෙස ලබන 17 වෙනිදා ට කොමිසම හමුවේ පෙනී සිටින්නැයි සිතාසි නිකුත් කළා .
මේ අතර වසර ගණන් හිරේ නොයා දින දෙක තුනකින් ගෙදර යන්න නම් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පිට වරද පටවන ලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් තමන්ට බලපෑම් කළ බව වී අලෙවි මණ්ඩලයේ හිටපු සාමාන්‍යාධිකාරී සහ මෙහෙයුම් නිලධාරී කේ .ඒ .වී .එස් පෙරේරා මහතාද දේශපාලන පළිගැනීම් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ප්‍රථම වතාවට සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කළා.
Latest News
ලෙබනන් යුද්ධය මැද සතුන් තනි නොකළ ශ්‍රී ලාංකීය කත ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට: අනන්‍යතාවය සෙවීමට මහජන සහය පතයි
Local
06 June 2026
මීගොඩ දන්සල් අනතුරේ සැඟව සිටි සැකකරුත් අත්අඩංගුවට
Local
06 June 2026
මුන්නේෂ්වරම් වන්දනාවේ ගොස් ආපසු පැමිණි නඩයක් අනතුරක : කාන්තාවක් මරුට - 12ක් රෝහලේ
Local
06 June 2026
සලේට පහරදුන්නේ නෑ! - පොලිස් මාධ්‍ය කොට්ඨාසය කරුණු පැහැදිලි කරයි
Local
06 June 2026
ෆෝමියුලා 3 මොනාකෝ තරගාවලියට යෙවාන් ඩේවිඩ්ගෙන් ඓතිහාසික ආරම්භයක්: සුදුසුකම් ලැබීමේ වටය අවසන්
Local
06 June 2026
නොරොච්චෝල දළුව මෝයේ දිය නෑමට ගිය තරුණියන් දෙදෙනෙකු සහ තරුණයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට
Local
06 June 2026
බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ සජබ මන්ත්‍රීවරුන් 5 දෙනෙකුගේ මන්ත්‍රී ධූර වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කෙරේ!
Local
06 June 2026
හොරණ බැංකු කොල්ලයේ සහකාර කළමනාකරුට රැඳවුම් නියෝග: ආරක්ෂක නිලධාරියා රිමාන්ඩ්
Local
06 June 2026
පාසල් රග්බි ලීගය 2026: සාන්ත පීතරයන් පරදා සහිරාවට 38-34 ක තියුණු ජයක්
Local
06 June 2026
රාජකීයයන් පරදා ඉසිපතනයට විශිෂ්ට ජයක්: මිල්රෝයි ප්‍රනාන්දු කුසලානය ඉසිපතනයට
Local
06 June 2026