හලාවත මුන්නේෂ්වරම් දේවාලයේ වන්දනා කටයුතු නිමා කර ආපසු යමින් සිටි පිරිසක් රැගත් කුඩා ප්‍රමාණයේ ලොරි රථයක් අනතුරට පත්වීමෙන් කාන්තාවක මියගොස් තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව ආණමඩුව පොලිසිය පවසනවා.
අනතුර අද (06) දහවල් 1.00 ට පමණ ආණමඩුව, මුදලක්කුලිය ප්‍රදේශයේදී සිදුවී ඇති අතර, මෙම අනතුරින් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පොලොන්නරුව, අරලගංවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි කාන්තාවක්.
පොලිසිය සඳහන් කළේ පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචි පිරිසක් වන්දනා චාරිකාවක් සඳහා කුඩා ලොරි රථයකින් පැමිණ ඇති අතර, ඔවුන් නැවත ගම්බිම් බලා යමින් සිටියදී ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගසක ගැටී ඇති බවයි.
අනතුර සිදුවන අවස්ථාවේදී ලොරි රථයේ ගමන් කළ 13 දෙනාම තුවාල ලබා ඇති අතර, ඔවුන් වහාම ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර, එහිදී, රෝහල් ගත කිරීමෙන් අනතුරුව මෙම කාන්තාව මියගොස් තිබෙනවා.
එමෙන්ම, තුවාල ලැබූවන් අතරින් බරපතල තත්ත්වයේ පසුවූ දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහල වෙත මාරුකර යවා ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
තවද, ධාවනය වෙමින් තිබූ ලොරි රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බවට පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

Latest News
මුන්නේෂ්වරම් වන්දනාවේ ගොස් ආපසු පැමිණි නඩයක් අනතුරක : කාන්තාවක් මරුට - 12ක් රෝහලේ
Local
06 June 2026
සලේට පහරදුන්නේ නෑ! - පොලිස් මාධ්‍ය කොට්ඨාසය කරුණු පැහැදිලි කරයි
Local
06 June 2026
ෆෝමියුලා 3 මොනාකෝ තරගාවලියට යෙවාන් ඩේවිඩ්ගෙන් ඓතිහාසික ආරම්භයක්: සුදුසුකම් ලැබීමේ වටය අවසන්
Local
06 June 2026
නොරොච්චෝල දළුව මෝයේ දිය නෑමට ගිය තරුණියන් දෙදෙනෙකු සහ තරුණයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට
Local
06 June 2026
බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ සජබ මන්ත්‍රීවරුන් 5 දෙනෙකුගේ මන්ත්‍රී ධූර වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කෙරේ!
Local
06 June 2026
හොරණ බැංකු කොල්ලයේ සහකාර කළමනාකරුට රැඳවුම් නියෝග: ආරක්ෂක නිලධාරියා රිමාන්ඩ්
Local
06 June 2026
පාසල් රග්බි ලීගය 2026: සාන්ත පීතරයන් පරදා සහිරාවට 38-34 ක තියුණු ජයක්
Local
06 June 2026
රාජකීයයන් පරදා ඉසිපතනයට විශිෂ්ට ජයක්: මිල්රෝයි ප්‍රනාන්දු කුසලානය ඉසිපතනයට
Local
06 June 2026
රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවරට යුක්රේනයෙන් ප්‍රබල ඩ්‍රෝන ප්‍රහාරයක්
Local
06 June 2026
පුංචි ඡන්දෙන් බයවෙලා පළාත් සභා මැතිවරණය කල් දානවා - විපක්ෂ නායක
Local
06 June 2026