ආහාරය සඳහා කලටි පොල්මද රැගෙන ආ සිසුවියක පිළිබඳව අද මිනුවන්ගොඩ පාසලකින් වාර්තා වුණා.
පවතින ආර්ථික අර්බුදය හමුවේ දරුවන් මුහුණ දෙන අපහසුතා අනන්ත බව සැගවීමට කරුණක් නොවේ.
කුසගින්න නිසා පාසලේ බුද්ධ පූජාව ආහාරයට ගත් දරුවන් දෙදෙනෙකු ගැන මෙන්ම, මිරිස් කුඩු පමණක් ඉස බත් ආහාරයට ගත් සිසුවියක පිළිබද තොරතුරු වාර්තා වී තවම වැඩි දිනක් ගතවී නැහැ.
එවන් වටපිටාවක් තුළ පාසල් දිවා ආහාරයට කළටි පොල් මද රැගෙන ආ සිසුවියක් පිළිබඳව තොරතුරු මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ කනිෂ්ඨ ද්වීතියික පාසලකින් වාර්තා වනවා.
පාසලේ ශිෂ්‍ය නායිකාවක් ද වන ඇය 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර ඇයගේ පියා කුලී රැකියාවක නිරතවන බව සඳහන්.
ඊයේ පාසල් දිවා ආහාර කාලය තුළ මෙම සිසුවිය මිතුරියන් සමඟ එක්ව කළටි පොල් මද ආහාරයට ලබා ගන්නා ආකාරය දැක ඇත්තේ පන්තිභාර ගුරුතුමිය විසින්.
පසුව එම ගුරුතුමිය පාසලේ අනෙකුත් ගුරුභවතුන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර පාසලේ සිටින එවැනි ළමුන් කිහිප දෙනෙකුට ආහාර සපයා දීමටද කටයුතු කර තිබෙනවා.
මිනුවන්ගොඩ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි දෙමාපියන් රැසකගේ දරුවන් පැමිණෙන්නේ මෙම කනිෂ්ඨ ද්වීතියික පාසල වෙතයි.
මෙම පාසලේ පළමු ශ්‍රේණියේ සිට 5 වන ශ්‍රේණිය සඳහා ඉගෙනුම ලබන දරුවන්ට දිවා ආහාරය ලබා දිමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක වනවා.
ඒ අනුව ඊයේ එම පාසලේ සිසුන්ට දිවා ආහාරය සඳහා බත් සමඟ පරිප්පු ලබා දි ඇති අතර පසුව පරිප්පු අවසන් විම නිසා 3 ශ්‍රේනියේ දරුවන්ට බත් පමණක් ආහාරයට ලබා දි ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළා.
මේ අතර සිය රෝහලට පැමිණෙන මන්දපෝෂණය සහ අධි කෘෂභාවය සහිත ළමුන්ගේ ඉහළයාමක් වාර්තාවන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය කෝසල කරුණාරත්න සඳහන් කළා.
එසේම රට මුහුණ දි ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් තවදුරටත් ළමා මන්දපෝෂණයේ වැඩීවීමක් අපේක්ෂා කරන බව මාතෘ හා ළමා සෞඛ්‍ය, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා ප්‍රකාශ කළා.

Latest News
පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ පළමුවරට ‘ශූරතා මුදු’ හඳුන්වා දෙයි
Local
17 July 2026
නවගමුවේ වෙඩිල්ලට, ඝාතනය වූ තරුණයාගේ මිතුරෙකු අල්ලයි : ඇමතුම් ලබාදුන් තරුණියක් ගැනත් තොරතුරු
Local
17 July 2026
සුපිරි ක්‍රිකට් පුරාවෘත්තයක් වූ සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි
Local
17 July 2026
මෙක්සිකෝවට රික්ටර් පරිමාණ 7.4ක ප්‍රබල භූමිකම්පාවක්
Local
17 July 2026
බන්ධනාගාර ගැටලු විසඳන්න ජනපති අනුරගෙන් කඩිනම් පියවර: මීගමුව බන්ධනාගාර සිදුවීම ගැනත් විශේෂ අවධානයක්
Local
17 July 2026
නොවැම්බරයේ ඩෙංගු වැඩි වෙයි ද ?
Local
17 July 2026
හිටපු පොලිස්පතිවරයා සිය පුතෙකු සම්බන්ධ සිද්ධියකට කම්පනයෙන් සිටියා ද? : බිරිඳගෙන් ප්‍රකාශයක්
Local
17 July 2026
කාන්තා නිලධාරිනියගේ උකුළේ වාඩිවෙන්න ගිය පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනම්
Local
17 July 2026
බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස ඇන්ඩි බර්න්හැම් සඳුදා වැඩ අරඹයි
Local
17 July 2026
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මියගිය හැටි ගැන පොලිසියෙන් නිවේදනයක්
Local
17 July 2026