තඹුත්තේගම නගරයේ දී ව්‍යාපාරිකයෙකු සතුව තිබූ රුපියල් ලක්ෂ 223ක මුදලක් කොල්ලකෑමට තැත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රාජාංගනය ප්‍රදේශිය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු අද අළුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොල්ලය සඳහා සැකකරුවන් දෙදෙනා පැමිණි යතුරුපැදිය ඔවුන්ට ලබාදීම හේතුවෙන් මෙම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාශය සඳහන් කළේ.
44 හැවිරිදි සැකකරු රාජාංගනය - නවසිරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෙකු විසින් නගරයේ පෞද්ගලික බැංකුවක මුදල් තැන්පත් කිරීමට ඊයේ දහවල් පැමිණි අවස්ථාවේදී ආයුධ සන්නද්ධව යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මුදල් කොල්ලකෑමට තැත්කර තිබුණා.
එය ව්‍යර්ථ වුණේ, මාර්ගයේ මුර සංචාරයේ යෙදි සිටි තඹුත්තේගම පොලිසියේ සැරයන්වරයෙකු සැණින් ක්‍රියාත්මක වී කොල්ලකරුවන්ගේ ගිනිඅවිය උදුරා ගනිමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම හේතුවෙන්.
කොල්ලයට පැමිණි දෙදෙනා තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට මේ වනවිට අනාවරණ වී තිබෙනවා.
ව්‍යාපාරිකයා මුදල් තැන්පත් කිරිමට පැමිණි බැංකුව තුළින් කොල්ලකරුවන් හට දුරකථන ඇමතුමක් ලබා දී ඇති බවට තොරතුරු වාර්තා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ද පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා සහ කොල්ලකරුවන් දෙදෙනා අද(27) තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Latest News
ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලීවිට් ධුරයෙන් ඉවත්වීමට සැරසෙයි
Local
13 August 2026
ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපති එරික් මේයර් දිවුරුම් දෙයි
Local
13 August 2026
මහනුවර ඇසළ පෙරහරේ කප් සිටුවයි
Local
13 August 2026
රටේ ප්‍රශ්න අනන්තවත් තිබියදී රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් ස්ථාපිත කරන්න උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත්
Local
13 August 2026
ප්‍රදේශ රැසකට අදත් වැසි සහිත කාලගුණයක්
Local
13 August 2026
වී කිලෝවකින් රුපියල් 50ක විතර පාඩුවක්: ගොවීන්ගෙන් චෝදනා
Local
13 August 2026
හේලීස් සමාගම පළමු ත්‍රෛමාසිකයේදී සාර්ථක ආරම්භයක: බදු පෙර ලාභය 61%කින් ඉහළට
Local
12 August 2026
මත්ද්‍රව්‍ය භාවිතා කළ බස් රියැදුරෙක් සහ කොන්දොස්තරවරු තිදෙනෙක් කොටුවෙයි
Local
12 August 2026
කොටස් වෙළෙඳපොළෙන් අද රු. බිලියන 2ක පිරිවැටුමක්
Local
12 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනියගෙන් ශ්‍රී ලංකා රජයට විශේෂ ලිපියක්
Local
12 August 2026