General28 March 2023

හම්බන්තොට යෝජිත නව පිරිපහදුව සඳහා සමාගම් 7ක් කැමැත්ත ප්‍රකාශ කෙරේ

හම්බන්තොට යෝජිත නව පිරිපහදුව සඳහා සමාගම් 7ක් ඊයේ (27) වන විට කැමැත්ත ප්‍රකාශ කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

ක්ෂණික ඇගයීම් කමිටුව සහ අනෙකුත් ප්‍රසම්පාදන කමිටු විසින් EOI ඇගයීමට ලක් කර සුදුසු අයදුම්කරුවන්ට යෝජනා සඳහා ඉල්ලීම් නිකුත් කරන බවයි ඔහු පවසන්නේ.

මේ සඳහා ඉදිරිපත් කර ඇති සමාගම් 7 වන්නේ,

නයිජීරියාවේ Grant & Shearer Ltd.
චීනයේ Sinopec
මැලේසියාවේ Petrichor capital Sbn. Bhd.
සිංගප්පූරුවේ Vitol Group
ඉරානයේ Matin Tejarat Co.
ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි රාජ්‍යයේ Harree Managment Servies (Pvt.) Ltd. with Marka Invest
ශ්‍රී ලංකාවේ Deniyaya Engineering Sales and Servies Syndicate

Related recommendation
Hiru TV News | Programmes