General14 February 2025

ජූලි චංග් හදිසියේම පොහොට්ටු කාර්යාලට යයි(වීඩියෝ)

අමෙරිකානු තානාපතිනි ජූලි චංග් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වුණා.

ඒ බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේදීයි.

පෙරවරු 10ට පමණ මෙම සාකච්ඡාව ආරම්භ වූ අතර පෙරවරු 11.10ට පමණ එය අවසන් වී තිබෙනවා.

මෙම සාකච්ඡාව සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පක්ෂ ලේකම් සාගර කාරියවසම්, නාමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වී චානක, සංජීව එදිරිමාන්න ඇතුලු පක්ෂ නියෝජිතයන් පිරිසක් සහභාගී වුවා.

Related recommendation
Hiru TV News | Programmes