මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් දේශපාලන සබඳතාවයන් ඇති බවත්, විශේෂයෙන් දකුණේ දේශපාලනඥයින් මෙයට සම්බන්ධ බවටත් මේ වනවිට යම් තොරතුරු අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.
අමාත්‍යවරයා එම අදහස් පළ කළේ, ඊයේ (22) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මේ වන විට මෙරට අපරාධකරුවන් 15 දෙනෙක් පමණ විදෙස් රටවල බන්ධනාගාර ගතව සිටින බවත් ඔවුන්ගේ නිති කටයුතු අවසන් වීමෙන් පසු ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා සදහන් කළා.
පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ සහ අනෙක් පාතාල අපරාධකරුවන්ගෙන් මේ වනවිට ප්‍රශ්න කිරීම් සිදුකරමින් පවතින බව ද අමාත්‍යවරයා පවසනවා.
ඔවුන්ගෙන් ලද තොරතුරු අනුව ඉදිරියේදීත් වැටලීම් සිදුකරන බවත් මේ සදහා යම් යම් නිලධාරින් මෙන්ම දේශපාලඥයින් සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණය වී ඇති බවත් ඔහු පැවසුවා.
එහිදී අමාත්‍යවරයා මෙසේ ද පැවසුවා.
" විශේෂයෙන් වෙනකොට රටේ බරපතල ප්‍රශ්නයක් ගැන රජය අවධානයක් යොමු කරලා තියෙනවා. එක කාරණයක් සංවිධානාත්මක අපරාධ. අනිත් කාරණය තමයි මත්ද්‍රව්‍ය ඡාවාරම. මේ දෙක එකිනෙකට සම්බන්ධ බවට ඔබ කවුරුත් දන්නවා. ජාතික ජනබලවේග ආණ්ඩුව බලයට පත්වූ වහාම මේ පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටු දැකීම සඳහාත් එය මර්ධනය කිරීම සඳහාත් ක්‍රියාමාර්ග රාශියක් අරන් තිබෙනවා. මේ වෙනකොට එහි සාර්ථක ප්‍රතිඵල ලබාගනිමින් තිබෙනවා. මේ පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ඡාවාරම අතර සෘජු සම්බන්ධතාවක් තිබෙනවා. ඒ වගේම මීට දේශපාලන ආශිර්වාද මෙන්ම දේශපාලන සබඳතා පවතින බවට කවුරුත් දන්නා කාරණයක්. නමුත් අපි බලයට පත්වුණාට පස්සේ මේ දේශපාලන සංස්කෘතිය අවසන් කරලා තියෙනවා. ඒ ගත්ත ක්‍රියා මාර්ග නිසා අද දිනත් වැටලීම් සිදුකළා තංගල්ල ප්‍රදේශයේ. අපි මේ රටේ ජනතාව විශේෂයෙන් කාරණයක් කියන්න අවශ්‍යයි. විශේෂ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් දේශපාලන සබඳතාවයන් තිබෙන බවට මේ වනවිට යම් යම් තොරතුරු අනාවරණය වී තිබෙනවා. විශේෂයෙන් දකුණේ දේශපාලනඥයින් මෙයට සම්බන්ධ බවට. විශේෂයෙන් මහජනතාව මේ වනවිට තොරතුරු ලබාදෙමින් තිබෙනවා. පොලීසිය සක්‍රීයව තම රාජකාරිය ඉටුකරමින් ඉන්නවා. බුද්ධි අංශ තොරතුරු විශාල ප්‍රමාණයක් ලැබෙමින් තිබෙනවා. ඒ නිසා මහජනතාවට අයාචනා කරනවා ඔබ දන්නා තොරතුරු මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙතත්, ශ්‍රී ලංකා පොලීසිය වෙතත් ලබාදෙන්න හැකියාව තියෙනවා. ඒ තොරතුරු සහ පුද්ගලයාගේ ආරක්ෂාව සුරක්ෂිත කරනවා. මහජනයා හැටියට ඔබගේ වගකීම ඔබ මේ වෙලාවේ ඉෂ්ට කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. පොලිසියත් බුද්ධි අංශයත් යම් ප්‍රමාණයක පරිහානියට ලක් වෙලා තිබුණා. අපි බලයට පත්වු වහාම අපිට ඕන වුණේ පොලිසිය දේශපාලනයෙන් නිදහස් කරලා ඔවුන්ට නිදහසේ වැඩකරන්න සැලැස්වීමයි. එහි ප්‍රතිඵල තමයි පොලිසිය මේ මේවිදිහට සක්‍රීය වෙන්න හේතුව. ඒ වගේම මහජනයා දැන් සූදානම් මෙවැනි තොරතුරු අපට ලබා දෙන්න."
Latest News
හෝමුස් සමුද්‍ර සන්ධියේදී දකුණු කොරියානු නෞකාවකට ප්‍රහාරයක්?
මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුම් 7කට අත්සත් තබයි
ක්‍රිකට් පරිවර්තන කමිටුවේ තවත් සාමාජිකයින් කිහිපදෙනෙකු පත්වීම් ලබා ගනී
වසර 50කට පසු ඉන්දියාවේ 'වාමාංශික පාලනය' අවසන් වෙයි: කේරළයේ බලය කොංග්‍රසය ප්රමුඛ සන්ධානයට
තමිල්නාඩුවේ දේශපාලන පෙරළිය ගැන අගමැති මෝදිගෙන් විශේෂ X සටහනක් : නිල ප්‍රතිඵලයටත් පෙර විජේගේ පක්ෂයට සුබ පතයි
තමිල්නාඩු දේශපාලනය උඩුයටිකුරු වෙයි : හිටපු මහ ඇමති ස්ටාලින් තම අසුනත් පරාදයි
නීතිවිරෝධී ලෙස මෙරට රැඳී සිටි විදේශිකයින් 50ක් බම්බලපිටියේදී අත්අඩංගුවට
ඔටාවා 2026 මැයි මාසය “බෞද්ධ උරුම මාසය” ලෙස ප්‍රකාශයට පත් කරයි
අමෙරිකානු නෞකාවකට ප්‍රහාර එල්ල කළ බවට ඉරානය කළ ප්‍රකාශ අමෙරිකාව ප්‍රතික්ෂේප කරයි
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ ඇතුලු සැකකරුවන්ට එරෙහි නඩුව අගෝස්තු 17 වැනි දා යළි කැඳවයි