International29 September 2025

අමෙරිකාවෙන් පිට නිපදවන චිත්‍රපටවලට ට්‍රම්ප්ගෙන් සියයට සියයක බද්දක්

අමෙරිකාවෙන් පිටත නිපදවන ඕනෑම චිත්‍රපටයක් සඳහා 100% ක තීරුබද්දක් පනවන බව අමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ පවසනවා.

අමෙරිකාවේ චිත්‍රපට නිෂ්පාදන වෙනත් රටවල් විසින් සොරකම් කරන බවත් ඒ හේතුවෙන් මේ පියවර ගන්නා බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්,

“දරුවෙකුගෙන් රසකැවිලි සොරකම් කරන්නාක් මෙන්, අපේ චිත්‍රපට නිෂ්පාදන ව්‍යාපාරය ඇමරිකා එක්සත් ජනපදයෙන් වෙනත් රටවල් විසින් සොරකම් කරන්වා. එබැවින්, එක්සත් ජනපදයෙන් පිටත නිපදවන ඕනෑම චිත්‍රපටයක් සඳහා මම සියයට 100 ක තීරුබද්දක් පනවමි.”
Related Recommends
Hiru TV News | Programmes