ජීවිතාරක්ෂක ප්‍රතිකාර තිබියදීත්, සෑම වසරකම පාකිස්ථානයේ පුද්ගලයින් 1,000ක් පමණ ජලභීතිකා රෝගයෙන් මිය යන බවට ඇස්තමේන්තු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එලෙස මියයන පුද්ගලයින් අතරින් බහුතරයක් ළමුන් බවයි ඒවායේ දැක්වෙන්නේ.
පාකිස්ථානයේ ග්‍රාමීය සහ අඩු ආදායම්ලාභී ප්‍රජාවන් තුළ ජලභීතිකා රෝගය උග්‍ර ඛේදවාචකයක් බව එරට ළමා ජීවිත පදනමේ වෛද්‍ය අධ්යක්ෂ මොහොමඩ් ඉර්ෆාන් හබීබ් පවසා තිබෙන බවත් එම මාධ්‍ය වාර්තාවල සඳහන්.
ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දී ඇත්තේ, ග්‍රාමීය ප්‍රදේශවල දරුවන් නිතරම අයාලේ යන බල්ලන් විසින් සපා කෑමට ලක්වීමයි.
ප්‍රතිකාර ප්‍රමාද වීම සහ රෝහල් වෙත ළඟාවීම අපහසු වීම හමුවේ, ක්ෂණික ප්‍රතිකාර අහිමි වීම මරණවලට ප්‍රධාන හේතුව බව ද පැවසෙනවා.
“ජලභීතිකා රෝගයෙන් ජීවිත අහිමි විය යුතු නැත; නිවැරදි පියවර වහාම ගතහොත් එය 100% ක් වළක්වා ගත හැකිය,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.
“සෑම දෙමව්පියෙකුම සහ රැකබලා ගන්නෙකුම ජීවිතාරක්ෂක පියවර දැන සිටිය යුතුය: බල්ලන් සපා කෑ තුවාල සබන් හා වතුරෙන් අවම වශයෙන් විනාඩි 15 ක් සේදීම, ප්‍රමාදයකින් තොරව හදිසි ප්‍රතිකාර ලබා ගැනීම සහ එන්නත් කිරීමේ කාලසටහන සම්පූර්ණ කිරීම,” වෛද්‍ය හබීබ් ඩෝන් පුවත්පත වෙත කළ අදහස් දැක්වීමේදී වැඩිදුරටත් සඳහන්.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, ජලභීතිකා රෝගය යනු මධ්‍යම ස්නායු පද්ධතියට බලපාන එන්නත් මගින් වළක්වා ගත හැකි, සත්ත්ව විද්‍යාත්මක, වෛරස් රෝගයක්.
මිනිසාට වැළඳෙන ජලභීතිකා රෝගයෙන් 99% ක් පමණ සුනඛයින්ගේ වෛරස් මගින් සම්ප්‍රේෂණයට වනවා.
ඒ සඳහා බහුලව ගොදුරු වන්නේ වයස අවුරුදු 5 ත් 14 ත් අතර දරුවන් බවයි එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

Latest News
ආසියානු කුසලාන ජයග්‍රහණය නිසා BCCI වෙතින් ඉන්දීය කණ්ඩායමට කෝටි 21ක දැවැන්ත ත්‍යාගයක්
Local
30 September 2025

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් බැංගලෝරයේදී අත්අඩංගුවට
Local
30 September 2025

''තමන් විසින් ඉදිරිපත් කරන යෝජනා ප්‍රතික්ෂේප කළහොත් ඊශ්‍රායලයට පූර්ණ සහාය ලබාදෙනවා'' - ජනපති ට්‍රම්ප්
Local
30 September 2025

ප්‍රදේශ කිහිපයකට වැසිවාර කිහිපයක්
Local
30 September 2025

මත්පෙති ළඟ තබාගත්තැයි අධිකරණ කාර්යාල සහායිකාවක් අත්අඩංගුවට
Local
30 September 2025

මාකොළ රැඳවුම් නිවාසයෙන් පැනගිය ළමුන් 05ක් අල්ලයි
Local
30 September 2025

පුටින් දෙසැම්බරයේ ඉන්දියාවට
Local
29 September 2025

ජනපති ජපානයේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සමඟ සාකච්ඡාවක
Local
29 September 2025

රාජගිරිය අනතුර ගැන පාඨලී ගොනු කළ රිට් පෙත්සම නොවැම්බර් 24 දා විභාගයට
Local
29 September 2025

ජනපතිගේ ජපාන සංචාරයේදී ගිවිසුම් දෙකකට අත්සන් තැබේ
Local
29 September 2025