General29 September 2025

ජනපතිගේ ජපාන සංචාරයේදී ගිවිසුම් දෙකකට අත්සන් තැබේ

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජපාන නිල සංචාරය අතරතුර, ජපාන අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා සහ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ව්‍යාපෘති දෙකක් සම්බන්ධ "අත්සන් හුවමාරු" කිරීම අද (29) පස්වරුවේ සිදුකර තිබෙනවා.

එහිදී, ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරන මෙම ගිවිසුම්, "නිල ආරක්ෂක සහය වැඩසටහන (OSA)" සහ "කිරි ක්ෂේත්‍රයේ ඵලදායිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය" යටතේ අත්සන් තබන ලද බවයි ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරනු ලැබුවේ.

ජපානය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකීඕ ඉසොමාටා සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මෙම ගිවිසුම්වලට අත්සන් තබා තිබෙනවා.
Related Recommends
Hiru TV News | Programmes