රටේ ඇතැම් ප්‍රදේශවල සිදු කෙරෙන රතිඤ්ඤා හා ගිණිකෙළි කර්මාන්තයට නිකුත් කරන අමුද්‍රව්‍ය සහ රසායන ද්‍රව්‍ය භාවිත කරමින් "චීන පටස්" සහ "හක්කා පටස්" නැමැති නීති විරෝධී පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා දිවයින පුරා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය විසින් තීරණය කර තිබෙනවා.
ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම මෙහෙයුම් ශ්‍රී ලංකා පොලිසිය සමග ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට සහ මෙම නීති විරෝධී ක්‍රියා සිදු කරන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ බලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇති බවයි එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.
තහනම් කර ඇති මෙම පුපුරණ ද්‍රව්‍ය, විශේෂයෙන්ම වගාබිම්වලින් වන සතුන් පලවා හැරීම සඳහා බහුලව භාවිතා වන බව වාර්තා වී ඇති බවත්, මෙම නීති විරෝධී පුපුරණ ද්‍රව්‍ය හේතුවෙන් පසුගිය කාලසීමාව තුළ පුද්ගලයන්ට හා වන සතුන්ට සිදු වූ දරුණු තුවාල සහ මරණ කිහිපයක් ද වාර්තා වී ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
තහනම් කර ඇති "හක්කා පටස්" සහ "චීන පටස්" නිෂ්පාදනය, බෙදා හැරීම, ගබඩා කිරීම සහ විකිණීම සම්බන්ධ ක්‍රියාකාරකම් තව දුරටත් සිදු කරනු ලබන බවට තොරතුරු ලැබී ඇති පසුබිමක, රතිඤ්ඤා හා ගිණිකෙළි නිෂ්පාදනයේ නියැලී සිටින පුද්ගලයන් මින් ඉදිරියට මෙවැනි නීති විරෝධී නිෂ්පාදන කටයුතුවල නිරත වන බව හෝ ඒ සඳහා අනුබල ලබා දෙන බව තහවුරු වුවහොත්, ඔවුන්ට නිකුත් කර ඇති නිෂ්පාදන බලපත්‍ර අවලංගු කිරීමට ද කටයුතු කරනු ලබන බවටයි එම අමාත්‍යංශය දැඩි ලෙස අවධාරණය කරනු ලබන්නේ.
ආරක්ෂක අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මෙවැනි හානිකර නීති විරෝධී පුපුරණ ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් වළකින ලෙසත් සහ මේ වන විටත් තහනම් කර ඇති “හක්කා පටස්” හෝ ඒවා නිපදවීමට යොදා ගන්නා “චීන පටස්” නිෂ්පාදනය කිරීම, ළඟ තබා ගැනීම හෝ විකිණීම සම්බන්ධ ඕනෑම සිදුවීමක් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ වනජීවී බලධාරීන්ට වාර්තා කිරීමෙන් සහාය දක්වන ලෙසයි.

Latest News
ආසියානු කුසලාන ජයග්‍රහණය නිසා BCCI වෙතින් ඉන්දීය කණ්ඩායමට කෝටි 21ක දැවැන්ත ත්‍යාගයක්
Local
30 September 2025

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් බැංගලෝරයේදී අත්අඩංගුවට
Local
30 September 2025

''තමන් විසින් ඉදිරිපත් කරන යෝජනා ප්‍රතික්ෂේප කළහොත් ඊශ්‍රායලයට පූර්ණ සහාය ලබාදෙනවා'' - ජනපති ට්‍රම්ප්
Local
30 September 2025

ප්‍රදේශ කිහිපයකට වැසිවාර කිහිපයක්
Local
30 September 2025

මත්පෙති ළඟ තබාගත්තැයි අධිකරණ කාර්යාල සහායිකාවක් අත්අඩංගුවට
Local
30 September 2025

මාකොළ රැඳවුම් නිවාසයෙන් පැනගිය ළමුන් 05ක් අල්ලයි
Local
30 September 2025

පුටින් දෙසැම්බරයේ ඉන්දියාවට
Local
29 September 2025

ජනපති ජපානයේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සමඟ සාකච්ඡාවක
Local
29 September 2025

රාජගිරිය අනතුර ගැන පාඨලී ගොනු කළ රිට් පෙත්සම නොවැම්බර් 24 දා විභාගයට
Local
29 September 2025

ජනපතිගේ ජපාන සංචාරයේදී ගිවිසුම් දෙකකට අත්සන් තැබේ
Local
29 September 2025