2021 ජනවාරි 06 වැනිදා අමෙරිකාවට එල්ල වූ ප්‍රහාරයෙන් පසු, තම යූ ටියුබ් නාලිකාව අත්හිටුවීම සම්බන්ධයෙන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගොනු කරන ලද නඩුවක් සමථයකට පත් කරමින්, යූ ටියුබ් සමාගම ඩොලර් මිලියන 24.5ක් ගෙවීමට එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
යූ ටියුබ් සමාගම, ට්‍රම්ප් විසින් ඉදිරිපත් කරන ලද හිමිකම් පෑම් සමථයකට පත් කිරීම සඳහා ඩොලර් මිලියන 22ක් "ජාතික මෝල් (National Mall) ප්‍රතිසංස්කරණය, සංරක්ෂණය සහ වැඩිදියුණු කිරීම සඳහා කැප වූ" ලාභ නොලබන 'ට්‍රස්ට් ෆෝ ද නැෂනල් මෝල්' (Trust for the National Mall) ආයතනයට ගෙවීමට නියමිත අතර, එය "ධවල මන්දිරයේ Ballroom ශාලාව ඉදිකිරීමට සහය වීමට" යොදා ගැනෙනු ඇතැයි අධිකරණ ලේඛනයක සඳහන්වන බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
ඊට අමතරව, ඇමරිකානු කොන්සර්වේටිව් සංගමය (American Conservative Union) වැනි අනෙකුත් පැමිණලිකරුවන් සමඟ සමථයකට පත් වීම සඳහා සමාජ මාධ්‍ය සමාගම ඩොලර් මිලියන 2.5ක් ගෙවනු ඇති.
ජනවාරි මාසයේදී මෙටා සමාගම ට්‍රම්ප්ගේ නඩුව ඩොලර් මිලියන 25කට සමථයකට පත් කිරීමට එකඟ වූ අතර, නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව, පෙබරවාරි මාසයේදී එක්ස් (X) සමාගමේ සමථකරණයට ඩොලර් මිලියන 10ක් පමණ ගෙවීමක් ඇතුළත්.
ට්‍රම්ප්ගේ ගිණුම් අත්හිටුවන විට, සමාජ මාධ්‍ය වේදිකා ප්‍රකාශ කර ඇත්තේ, කැරැල්ල පිළිබඳ ට්‍රම්ප්ගේ ප්‍රකාශ තවදුරටත් ප්රචණ්ඩත්වය අවුස්සීමේ අවදානමක් ඇති බවයි.
එවකට, නීති විශේෂඥයින් පැවසුවේ, තාක්ෂණික සමාගම්වලට තම වේදිකා තමන්ට අවශ්‍ය පරිදි පවත්වාගෙන යාමට අයිතියක් ඇති නිසා සමාන නඩු ප්‍රතික්ෂේප කර ඇති බවයි.
කෙසේ වෙතත්, ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු තාක්ෂණික දැවැන්තයින් ට්‍රම්ප් සහ රිපබ්ලිකන් පක්ෂයේ අවශ්‍යතා කෙරෙහි වඩාත් සමගි සම්පන්න, එසේත් නොමැති නම් සෘජුවම සහයෝගය දක්වන ප්‍රවේශයක් ගෙන ඇති බැවින් මෙම සමථකරණ සිදුවෙනවා.
2022 අගභාගයේදී එලෝන් මස්ක් X අත්පත් කර ගැනීමෙන් පසු, ඔහු ට්‍රම්ප්ගේ ගිණුම නැවත සක්‍රීය කළා.
2023 පෙබරවාරියේදී මෙටා සමාගමද එය අනුගමනය කළ අතර, ඊට පසු මාසයේදී යූ ටියුබ් ද ට්‍රම්ප්ගේ ගිණුම නැවත සක්‍රීය කර තිබෙනවා.

Latest News
ජපාන නිල සංචාරය අවසන් කරමින් ජනපති දිවයිනට පැමිණෙයි
Local
01 October 2025

අමෙරිකානු රජයේ වසා දැමීමක්!
Local
01 October 2025

ජනපති ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා හමුවෙයි
Local
01 October 2025

නීති විරෝධී ගුරුකම් මධ්‍යස්ථානයක් පවත්වා ගෙන ගිය ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට
Local
01 October 2025

BYD රථ අවුලට JKCG වෙතින් අලුත් විකල්ප යෝජනා කරයි
Local
01 October 2025

SVAT අද සිට අහෝසි
Local
01 October 2025

ලෝක ළමා සහ වැඩිහිටි දිනය වෙනුවෙන් ජනාධිපති, අගමැති සහ විපක්ෂ නායකගෙන් සුබ පැතුම්
Local
01 October 2025

බස්රථවල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද සිට
Local
01 October 2025

උදම්මිටදී අණ නොතකා ගිය වෑන්රියකට වෙඩි
Local
01 October 2025

සංවිධානාත්මක අපරාධකරු ශ්‍රීධරන් නෙරංජන් ඩුබායි සිට ගෙන්වා කටුනායකදී අත්අඩංගුවට
Local
01 October 2025