General08 October 2025

මත්තේගොඩ ලියුම් පෙට්ටියකින් පතුරම් මතුවෙලා

විශ්‍රාමික පොලිස් පරීක්‍ෂකවරයෙකුට අයත් මත්තේගොඩ කලාකරු නිවාස සංකීර්ණයේ වසා දමා තිබූ නිවසක තැපැල් පෙට්ටියක සඟවා තිබියදී ටී -56 වර්ගයේ ගිනි අවි සඳහා භාවිත කරන ජීව උණ්ඩ 48ක් සහ මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවි සඳහා භාවිත කරන උණ්ඩ 6 ක් සොයාගෙන තිබෙනවා.

එම පුද්ගලයා තම නිවසේ ලියුම් පෙට්ටිය පරීක්ෂා කිරීමට පැමිණි අවස්ථාවේදී ඊට අලුතින් ඉබි යතුරු දමා අගුළු ලා තිබු බව නිරීක්ෂණය වී තිබෙනවා.

ඉන් පසුව තවත් තරුණයෙක් සමඟ එක්ව ඔහු එම අගුළු බිඳ ලියුම් පෙට්ටිය විවෘත කර තිබුණා.

අදාළ ජීව උණ්ඩ තොගය හමුවී ඇත්තේ එම අවස්ථාවේදීයි.

මෙම ජීව උණ්ඩ මෙම ස්ථානයට රැගෙන ආ පුද්ගලයා සොයා පොලිසිය විමර්ශන සිදුකරනවා.
Related Recommends
Hiru TV News | Programmes