
“මම ඉක්මනින් රට ගිහින් අම්මලට හොඳින් ඉන්න සල්ලි ටිකක් එවනවා කියලා එයා නිතරම කිව්වා. පුතාගේ හීනේ වුණේ කවදා හරි නැෂනල් ටීම් එකට සෙල්ලම් කරන එක. අපිත් ආසාවෙන් බලාගෙන හිටියා එයාගේ හීනේ හැබෑ වෙනකල්. අපිට ලොකු විශ්වාසෙකුත් තිබුණා එහෙම වෙයි කියලා. එහෙම ලොකු ධෛර්යයකින් අධිෂ්ඨානයකින් හිටිය දරුවා තමයි අද අපිට නැතිවුණේ.” යැයි තම ආදරණීය පුතුගේ හදිසි වියෝව පිළිබඳව දරාගත නොහැකි වේදනාවෙන් සාගරිකා ප්‍රනාන්දු (47) පැවසුවා.
ඇය, කළුතර හෝලික්‍රොස් විද්‍යාලයේ දීප්තිමත් සිසුවකු මෙන්ම දක්ෂ ක්‍රිකට් ක්රීඩයකයකු වූ පසිඳු විමංස (20) ගේ මෑණියන්.
කුඩා කළ සිටම ක්‍රිකට් තරුවක් වීමටත් ශ්‍රීලංකා පිළට තරග කිරීමටත් හීනයක් මවමින් සිටි පසිඳුගේ මෙන්ම ඔහුගේ සියළු ආදරණීයයන්ගේ සිත් හඬා වට්ටමින් ඔහු මෙළොව හැරදා යන්න ගියේ ඉකුත් (17) වැනිදායි. ඒ, පිළිකා මාරයාට පරාදවෙමින්.
තමන් වෙළාගෙන සිටි පිලිකා රෝගී තත්ත්වය කිසිදු දිනකෙ සතයකට මායිම් නොකළ මේ පුංචි වීරයා ජීවිතයේ පරමාර්ථය වෙනුවෙන් සටන් කරමින් සිටියා. කිසි දිනක තම ආත්ම ශක්තිය අත් නොහැරි ඔහු දැඩි අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රීඩා කටයුතුවල නියැලුනේ දෙමව්පියන්ගේ මෙන්ම ගුරුවරුන්ගේද දෑස් තුළ බලාපොරොත්තු දල්වා තබමින්.
අපොස උසස් පෙළ කලා අංශයෙන් අධ්‍යාපනය ලැබූ පසිඳුට උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අවස්ථාව නොලැබී ගියේ හදිසියේම යළිත් පහුගිය වසරේදී සිය රෝගය උත්සන්න වීම නිසා.
අවුරුදු 13,15,17,19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම්වල නායකත්වය ගෙන කටයුතු කළ පසිදු 19 පහළ සමස්ත ලංකා පාසල් එක් දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ද කණ්ඩායම මෙහෙයවා ඇත්තේ ඉතා දක්ෂ අයුරිනි.
මලල ක්රීඩාවලටද දක්ෂතා දැක් වූ ඔහු හැම මොහොතකම කටයුතු කර ඇත්තේ තම වගකීම අකුරට ඉටු කරමිනි.
ධීවර රැකියාවෙහි නියුතු අජිත් ප්‍රේමකුමාර (50) මහතා පසිදුගේ පියා වන අතර අමිදු ශවින්ද්‍ර 24 වැඩිමහල් සොහොයුරා සහ සඳුනිකා බිම්සරණි 14 නැගණිය සමග ඔහු හැදී වැඩුණේ දුක සැප එකට බෙදා ගනිමිනි.
සිය සිහින පුතුන් ගැන පසිඳුගේ මව කඳුලින් යුතුව මෙසේද පැවසුවා.
“ලොකු පුතා මේ වෙනකොට ඉන්නේ පෝලන්තේ. ලොකු පුතා ගියේ පයාගල හෝලික්‍රොස් විද්‍යාලයට. දුව ඉගෙන ගන්නෙ පානදුර යහපත් එඩේරාගේ කන්‍යාරාම පාසලේ. පසිඳු පුතා නවය වසර වෙනකන් ගියෙත් ලොකු පුතා ගිය පාසලට. ඊට පස්සේ එයා කළුතර හෝලික්‍රොස් විද්‍යාලයට ඇතුළත් වුණා.
පුතාගේ ජීවිතය වුණේ ක්‍රීඩාව. පොඩි කාලේ අවුරුදු දහයේදී හතර වසර පන්තියෙදි තමයි මුලින්ම පුතා බැඩ්මින්ටන් ක්‍රීඩා කළේ. ඊට පස්සේ එයා ක්‍රිකට් තෝර ගත්තා. සහතික සම්මාන ගොඩක් අරන් තියනවා. කවද හරි නැෂනල් ගහනවමයි කියලා තමයි කිව්වේ. ඒත් පුතා අන්තිමට 2023 සැප්තැම්බර් මාසෙදි බඩේ කැක්කුමකුයි වමනෙකුයි හැදිලා අසනීප වුණා. අපි මේ ලෙඩේ කියලා දැනගත්තේ නොවැම්බර් මාසෙදියි. එහෙම වුණා කියලා පුතා කවදාවත් සැලුනෙ නෑ. හිත හයිය කරගෙන අපිවත් මානසිකව නොවට්ටා එයා වැඩ කළා. බෙහෙත් කෝස්වලින් පුතා සනීප වෙලා ඉස්කෝලෙයි කොළඹ මුවර්ස් ක්ලබ් එකෙයි සෙල්ලම් කළා. එයා සාමාන්‍ය විදිහට වැඩ කරගෙන ඉන්න කොට අපි ගොඩක් සතුටු වුණා. පුතාටත් ලොකු ආත්ම විශ්වාසයක් තිබුණා එයා සනීප වෙයි කියලා.
අපි එයා වෙනුවෙන් වියදම් කරන මහන්සි වෙන දුක් විදින එක ගැන එයා හිතුවා. මම ඉක්මනින් රට ගිහින් අම්මලට හොඳින් ඉන්න සල්ලි ටිකක් එවනවා කියලා එයා නිතරම කිව්වා. එහෙම ලොකු ධෛර්යයකින් අධිෂ්ඨානයකින් හිටිය දරුවා තමයි ගිය අවුරුද්දේ ආයිත් අසනීප වෙලා අද අපිට නැතිවෙලා ගියේ. එයාගේ හුස්ම ටික යනවා එයාවත් දන්නෙ නැතුව ඇති. අපිට නම් කොහෙත්ම දැනුනේ නෑ. ඒ තරමට මගෙ පුතා හිත හයිය කරගෙනයි හිටියේ. එයා හොඳ කීකරු නිහතමානි දරුවෙක්. කොහේ හරි හොඳ ලෝකෙක ඉඳන් අපි දිහා බලාගෙන ඇති.”
පසිඳුගේ මිතුරකු වන හෙවින් කෙනුල පැවසුවේ මෙවැන්නක්.
“පසිඳු පොඩි කාලේ ඉඳලම මගේ යාළුවෙක්. ක්‍රිකට්වලින් තමයි යාළුකම ඇති වුණේ. එයා මාරම චරිතයක්. හැමතිස්සෙම පොසිටිව් විදිහට තමයි කතා කළේ. සනීප වෙලා හිටිය කාලෙ කොළඹ මුවර්ස් ක්ලබ් එකේ සෙල්ලම් කළා. එක මැච් එකක් පැය 21/2 විතර විකට් එක බේරගන්න බැට් කළා. අපිට තිබුණ ලොකු ශක්තියක් තමයි මේ විදියට අහිමි වුණේ. ඒ ගැන හරි දුකයි.”
උතුරු පයාගල, අත්කම් නිවාස යෝජනා ක්රමයේ පදිංචි පසිදු විමංස ජීවිතයේ හොඳම කාලයේදී අවසන් ගමන් යන්නේ පාසලටත් ගමටත් රටටත් ඔහු ඇවැසි මොහොතක වීම කනගාටුවට කරුණක්. මේ තරුණ පුතු ඊයේ (20) සැඳෑවේදී ඔහුගේ ආදරණීයන්ගේ නෙත්වලට කඳුළු එක් කරමින් සඳහටම සමුගත්තා.
Latest News
රුපියල් 25000ක අල්ලසක් ලබාගත් බව කියන ගොවිජන සේවා කාර්යාලයේ ප්‍රාදේශීය සංවර්ධන නිළධාරියාට ඇප

හිටපු බුද්ධි අංශ නිලධාරී මද්දුමගේ ගේ අතුරු නියෝගය ලබන 11 වැනිදා

මහ වැස්සේ හැඩ වැඩ දාන දියලුම

අකුණු සහ තද සුළං එනවා පරිස්සම් වෙන්න

බාල බෙහෙත් නඩුව: ඖෂධ සමාගමේ හිමිකරු අත්අඩංගුවට ගන්නවාද නැද්ද විරෝධතා

රුහුණු විශ්වවිද්‍යාලයේ ගැටුමට සිසුන් 21ක් රිමාන්ඩ්

බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අදත් අවලංගුයි

වයස 15න් පහළ තෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට්: හෙට්ටිමුල්ල බණ්ඩාරනායක මහා විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට

දැදුරු ඔය ආශ්‍රිතව නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ

සුරාබදු ලොක්කා කී කතාවට එරෙහිව වෘත්තීය සමිති වර්ජනයකට සැරසේ
